Print this Article


රාජකාරියට එහා ගිය මව් සෙනෙහස

රාජකාරියට එහා ගිය මව් සෙනෙහස

පසුගිය දා විභාග දෙපාර්තමේන්තුව හා ප්‍රාචීන භාෂෝපාකාර සමාගම එක්ව පවත්වන ප්‍රාචීන විභාගය ලංකාව පුරා දිස්ත්‍රික් මට්ටමින් විභාග මධ්‍යස්ථාන 18 ක දී පැවැත්විණ. කොළඹ දිස්ත්‍රික් විභාගය පැවැත්වූයේ කොළඹ 10 ප්‍රෙස්බැටීරියන් බාලිකා විද්‍යාලයේ දී ය.

මෙම විභාගය සඳහා සහභාගී වූ භික්ෂූන් වහන්සේ උදෙසා දවල් දානය පූජා කිරීමට සී.ඒ.ඩී.කේ. ශියානි තිස්සආරච්චි විදුහල්පතිනිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය කටයුතු කිරීම අගය කළ යුත්තකි.

මෙම විද්‍යාලයේ ගුරු මණ්ඩලයේ බෞද්ධ මෙන් ම හින්දු, ක්‍රිස්තියානි , ඉස්ලාම් ආදි විවිධ ආගම් නියෝජනය කරන ආචාර්ය මණ්ඩලයක් සිටියත් ඔවුන් එකාමෙන් එක්ව විභාගයට පෙනී සිටි සාමණේර හිමිවරු විෂයයෙහි දානය පිළිගැන්වීම රටට ම ආදර්ශයකි.