Print this Article


 රාජකීය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ විහාර මන්දිරය

 රාජකීය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ විහාර මන්දිරය

රාජකීය විද්‍යාලයීය බෞද්ධ සංගමයට 65 වසරක් පිරීම නිමිත්තෙන් ඉදිකෙරුණු විහාර මන්දිරය පසුගිය පොහෝදා විද්‍යාලයීය දරුවන් උදෙසා විවෘත කෙරුණි. විදුහල්පති බී.ඒ.අබේරත්න මහතාගේ මඟ පෙන්වීම හා විද්‍යාලයීය බෞද්ධ සංගමය,ගුරු භවතුන් හා දානපතින් කළ පරිත්‍යාගයෙන් මෙහි ඉදිකිරීම් සිදුවිය.

විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ හා බෞද්ධ සංගමයේ අනුශාසක ගවරගිරියේ නාලක හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදුවු මෙම පින්කමට, කැලණි රාජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන් ප්‍රධාන ආරාධිත ස්වාමින් වහන්සේ ලෙස සහභාගි වූහ.