Print this Article


හබරකඩ ඉන්දරතන නා හිමි ගුණ සමරුව

හබරකඩ ඉන්දරතන නා හිමි ගුණ සමරුව

මෙයට වසර තුනකට පෙර 2017 ඔක්තෝබර් 01වන දින අපවත් වී වදාළ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික ධර්මාචාර්ය ආදී ආනන්දීය බෞද්ධ සංගමයේ සහාය ප්‍රධාන අනුශාසක හබරකඩ ශ්‍රී විජයානන්ද රාජමහා විහාරය ඇතුළු ශද්මහාවිහාරයන්හි අධිපතිත්වය හෙබවූ ශාස්ත්‍රපති හබරකඩ ඉන්දරතන නා හිමියන්ගේ ගුණ සැමරීමේ පුණ්‍යොත්සවයක් තවලම හබරකඩ ශ්‍රී විජයානන්ද රාජ මහා විහාරයේ දී සිදු කිරීමට විහාරාධිකාරී විශ්‍රාමික විදුහල්පති ශාස්ත්‍රපති එප්පල සෝරත හිමියන් ප්‍රධාන ශිෂ්‍ය පිරිස, දායක සභාව කටයුතු යොදා ඇත.

ඒ අනුව 2020 ඔක්තෝබර් 01වන දින රාත්‍රී 07.00 ට පැවැත්වෙන ධර්ම දේශනාවකි. පසුදින (02) දහවල් සඟ සතු මහා දානයකි. දෙස් විදෙස්හි සුපතල කීර්තිමත් තිහක් පමණ වූ පැවිදි සිසු පිරිසක් බිහිකළ ඉන්දරතන නා හිමියෝ සුප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ද වූහ.