Print this Article


සඳහිරු සෑය

සඳහිරු සෑය

මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට හා රට, ජාතිය බේරාගැනීමේ සටනට කැපවුණු රණවිරුවන්ට උපහාර පිණිස ඓතිහාසික අනුරාධපුර පුදබිමේ රණවිරු ශ්‍රමයෙන් ඉදිකරන සඳහිරු සෑය චෛත්‍යයේ ඉතිරි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට දිවා, රාත්‍රී දෙකෙහි රණවිරුවෝ කටයුතු කරති. මෙම මහා චෛත්‍යය කර්මාන්තය සඳහා ශ්‍රමයෙන් දායකත්වය සපයන පින්වතුන් සඳහා මේ වන විට අවස්ථාව ලබාදීමට හැකි බව ව්‍යාපෘතිය බාර අණ දෙන නිලධාරි ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක ලුතිනන් කර්නල් මොහාන්කුමාර මහතා සඳහන් කරයි

ඒ සඳහා ශ්‍රම දායකත්වය ලබාදීමට කැමති පින්වතුන් මෙන්ම ස්වේච්ඡා සංවිධාන, දායක සභා 0773528677 අංකයෙන් අමතන ලෙස ඒ මහතා ඉල්ලීමක් කරයි.

මේ වන විට සඳ හිරු සෑය චෛත්‍යයේ ඉදිකිරිම් ගර්භය දක්වා අවසන්කර ඇති අතර දේවතා කොටුව සඳහා පාදම ඉදිකරමින් පවතී.