Print this Article


ඕඝ තරණය

ඕඝ තරණය

උපදින භවය සමඟින් දුක දරාගෙන
මතු භවයකට මඟ සලකුණු හදාගෙන
පියවර තබති දිවිමඟ කල් ගෙවාගෙන
සැමවිට පතමු සසරේ දුක නිමාවන

පස්පව් සැඩ රැසින් සිත් මල් මුදාගෙන
පින් සිතුවිලි සන්තානයෙ රුවාගෙන
මනු දම් ගුණ සුවඳ හද ගැබ දරාගෙන
බුදු හිමි වඳිමු හදබැති මල් පුදාගෙන

නිම් නැති තරඟ නැඟෙනා සිතුවිලි ඕඝේ
තරණය කරන්නට නම් පහුරක් ඕනේ
මගෙ සම්බුදු සමිඳු දෙසු විලසින් රාගේ
මුල් සිඳදැමූ තැන හමුවේ සුව නිවනේ