Print this Article


තෙරුවන් ගුණ මෙනෙහි කිරීම

තෙරුවන් ගුණ මෙනෙහි කිරීම

බුද්ධ ධම්මා ච පච්චේක
බුද්ධ සංඝා ච සාවකා
දාසොවාහස්මි මෙතෙසං
ගුණං ඨාතු සිරෙ සදා

බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය මගේ ස්වාමීහු වෙති. මම ත්‍රිවිධ රත්නයට දාස වෙමි. රත්නත්‍රයේ ගුණය හැම කල්හි ම මගේ සිරසෙහි පිහිටාවා!

තිසරණං තිලක්ඛණූුපෙක්ඛං
නිබ්බාණ මන්තිමං සුඛං
සුවන්දෙ සිරසා නිච්චං
ලභාමි තිවිධා මහං

බුද්ධ, ධම්ම, සංඝ යන සරණ තුන ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය ද අවසාන සුවය වූ නිර්වාණය ද නිරන්තරයෙන් වඳිමි. නිර්වාණය ද ලබම්වා

තිසරණං ච සිරෙ ඨාතු
සිරෙ ඨාතු තිලක්ඛණං
උපෙක්ඛා ච සිරෙ ඨාතු
නිබ්බාණං ඨාතු මෙ සිරෙ

තිසරණය ද, ත්‍රිලක්ෂණය ද, උපේක්ෂාව ද මගේ මස්තකයෙහි පිහිටාවා, මා හිසෙහි පිහිටාවා