[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජපානයේ බිනර පෝදා පින්කම්

ජපානයේ බිනර පෝදා පින්කම්

තුන්හිටියාවේ ධම්මාලෝක හිමි ආගමික වතාවත්හි නියැළෙමින්

කොරෝනා වසංගතය නිසා දැඩි බලපෑම් එල්ල වූ ජපානය අදටත් යථා තත්ත්වයට පත්ව නො මැත.

එසේවුවත් ජපානයේ බොහෝ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට උත්සාහ ගන්නේ අවධානය, ඉවසීම, කරුණාව, මෛත්‍රිය ද පෙරදැරි කරගෙන ය. සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පසුගිය පුර පසළොස්වක පොහෝ දිනට අදාළ වස් වැසීම ද, බිනර පොහෝ දින ථෙරවාදී බෞද්ධ සංකල්පයට මුල් තැනක් ලබා දී ජපානයේ ශී‍්‍ර සම්බුද්ධාලෝක විහාරස්ථානයේ දී පින්කම් රැසක් සිදු කෙරුණි. ඒ සඳහා ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති විශ්වීය බෞද්ධ භික්ෂු සම්මේලනයේ මහ ලේකම් ආචාර්ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන් මුල් විය.

උන්වහන්සේගේ මූලිකත්වයෙන් සීල සමාදානය ඇතුළු පින්කම් රැසක් පැවැත් විය. ශ්‍රී ලංකාවේ මෙන්ම මේ සියලු ආගමික කටයුතු සිදු කෙරුණේ කොරෝනා වසංගතය ද මධ්‍යයේ වීම විශේෂයි. ඒ සඳහා විහාරවාසී කැටපොළේ යසස්සි හිමි, මැදගම අමරනන්ද හිමි, බද්දේගම වංශාලංකාර හිමිවරු ද සහභාගි වූහ.

 බිනර අමාවක

පෝය 

 සැප්තැම්බර් 16 බදාදා අපර භාග 07.56 න් අමාවක ලබා 17 බ්‍රහස්පතින්දා අපරභාග 04.30 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]