Print this Article


 උදාර දිවියක පිය සටහන්: උතුම් වූ පරාර්ථ චර්යාව

උතුම් වූ පරාර්ථ චර්යාව

මෙවර උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ සාකච්ඡා මණ්ඩපයට වැඩම කරන්නේ අත්තනගල්ල ශ්‍රී අරහන්ත රාජ මහා විහාරාධිපති අමෙරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරයේ සහ තායිවාන ථෙරවාද බෞද්ධ විහාරාධිපති මහා විහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතුමහා විහාර පාර්ශ්වයේ සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝ නායක මහෝපාධ්‍යාය
ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේ ය.


අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ පැවිදි ජීවිතය සාර්ථක වීමට බලපෑ හේතු පැහැදිලි කරනවා නම්,

ගම්පහ දිස්ත්‍රික්කයේ ඓතිහාසික අත්තනගල්ල ප්‍රදේශයට අයත් සශ්‍රීකත්වයෙන් පරිපූර්ණ පන්නිල නම් ග්‍රාමයෙහි සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් පවුලක උප්පත්තිය ලැබීමත් භාග්‍යයක්. එම ග්‍රාමයෙහි බොහෝ සැදැහැවත් ලෙස ජීවත්වුණු ඩබ්ලිව්.ඒ. සේදිරිස් සිංඤෝ සහ ලොකු හාමිනේ සමරනායක යන මාගේ ආදරණීය මව්පියන් දෙපළ මේ අවස්ථාවේ දී ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

සෑම පසළොස්වක පොහොයක ම අත්තනගල්ල රාජමහා විහාරයට මෑණියන් සමඟ මම ඉතාමත් ආශාවෙන් සිල් සමාදන් වීමට පැමිණියා. සිරිසඟබෝ දහම් පාසලට දහම් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පැමිණි කාල වකවානුවේදීත් පුංචි සාමණේර හාමුදුරුවන් වහන්සේලා සමඟ බුද්ධ වන්දනා කරමින් ආගමික වතාවත්වල යෙදීම අප්‍රමාණ සතුට දනවන කාරණාවක් වුණා.

සංසාරගත පුණ්‍ය මහිමයක් ම නිසාදෝ වල්ගම්මුල්ලේ ශ්‍රී පඤ්ඤාරාමාභිධාන නායක ස්වාමීන් වහන්සේගේ හා එල්ලක්කල ධම්මාරාම ස්වාමීන්වහන්සේගේ ආචාර්යත්වයෙන් කෝන්ගොඩ ශ්‍රී පේමානන්දාභිධාන නායක ස්වාමීන් වහන්සේගේ හා කිරිවත්තුªඩුවේ පඤ්ඤාසාර නායක ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් පන්නිල ආනන්ද යන උතුම් වූ ශාසනික නාමයෙන් ප්‍රවජ්‍යා භාවයට පත් වුණා. පැවිදි ජීවිතයට ඇවැසි මූලික බණ දහම් ප්‍රගුණ කරමින් බෝපැත්ත සිරිසඟබෝ පිරිවෙනින් මුලික පිරිවෙන් අධ්‍යාපනය ලබා ගත්තා. විද්‍යාලංකාර පිරිවෙනින් අධ්‍යාපනය ලබා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුළත් ව පාලි විෂය පිළිබඳව පන්ති සාමාර්ථයක් සහිතව ගෞරව උපාධිය ලබා ගත්තා. අනතුරුව සිරිසඟබෝ පරිවේණාධිපති වශයෙන් වසර ගණනාවක් සේවය කළ බවත් සිහිපත් කළ යුතුයි.

ඔබ වහන්සේගේ විදේශීය ධර්ම දූත සේවය තුළින් විදේශීය මෙන්ම දේශීය වශයෙන් විශාල ශාසනික කාර්ය භාරයක් සිදුවුණා. විදේශීය ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා අවතීර්ණ වීමට පසුබිම සකස් වුණේ කුමන ආකාරයෙන් ද?

1975 වර්ෂයේ දී ජපන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලැබුණු ශිෂ්‍යත්වයක් මත ජපානයට වැඩම කිරීමට අවස්ථාව උදාවුණා. එහිදී ජපන් භාෂාව පිළිබඳව පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව උදා වුණා. තුලනාත්මක ආගම් පිළිබඳව කරන ලද පර්යේෂණයකට අනුව ජපන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා. අධ්‍යාපන කටයුතු නිම කරමින් නැවත ලංකාවට වැඩම කළත්, අමෙරිකාවෙන් ලැබුණු ආරාධනාවකට අනුව නැවත වතාවක් විදේශගතවීමට සිදුවුණා. මගේ කල්‍යාණ මිත්‍ර වල්පොල පියනන්ද ස්වාමීන් වහන්සේ අමෙරිකාවට වඩින ලෙස ආරාධනා කළ බවත් මේ අවස්ථාවේ දී ගෞරවයෙන් සිහිපත් කළ යුතු යි. එම කාල වකවානුව වන විට මුළු ලෝකයටම ලංකාවේ බෞද්ධ විහාරස්ථාන තිබුණේ තුනක් පමණයි . ඒ තධදඤධද ඡභඤඤඩඪඵබ බඥථනතඥ ඪද ඥදඨතචදඤ, ඹචඵඩඪදඨබධද ඡභඤඤඩඪඵබ බඥථනතඥ ඪද උඉඒ, ඡඥපතඪද ඡභඤඤඩඪඵබ බඥථනතඥ යන විහාරස්ථාන තුන තුළ පමණක් ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩ සිටියා. ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩ සිටින ලෝකයේ හතරවන බෞද්ධ විහාරස්ථානය වන තධඵචදඨචතඪඥඵ ඡභඤඤඩඪඵබ බඥථනතඥ නමින් විහාරස්ථානයක් ආරම්භ කිරීමට මමත්, මගේ කල්‍යාණ මිත්‍ර වල්පොල පියනන්ද ස්වාමීන් වහන්සේත් කටයුතු කළා. කාලයාගේ ඇවෑමෙන් එම බෞද්ධ විහාරස්ථාන තව දුරටත් ව්‍යාප්ත වන ආකාරයට ඩභඥඵබධද ඡභඤඤඩඪඵබ බඥථනතඥ, පඪමඥපඵඪඤඥ බඥථනතඥ, තධඵමචඨභඵ බඥථනතඥ නමින් බෞද්ධ විහාරස්ථාන ආරම්භ කිරීමට වල්පොල පියනන්ද ස්වාමීන් වහන්සේ සමඟ කටයුතු කළා. කාම්භෝජය, වියට්නාමය, හා අමෙරිකාවේ ආධාර මත ඉදිකළ ධර්ම විජය විහාරස්ථානය මේ වන විට ලෝකයට ම විශාල ශාසනික කාර්ය භාරයක් සිදු කරන විහාරස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම තායිවානයේ මහායාන බෞද්ධයන් විසින් ථෙරවාදී බෞද්ධ විහාරස්ථානයක් ආරම්භ කරන ලෙස කළ ඉල්ලීමකට අනුව 1995 දී තායිවානය තුළත් බඩචඪමචද ඡභඤඤඩඪඵබ බඥථනතඥ නමින් විහාරස්ථානයක් ඉදිකරමින් ථෙරවාදි බුදුදහම ව්‍යාප්ත කිරීමට කටයුතු කළා. වර්තමානය වන විට මෙම විහාරස්ථාන තුළින් විශාල වශයෙන් ආගමික සේවාවක් සිදු කරනු ලබනවා. වල්පොල පියනන්ද ස්වාමීන් වහන්සේත්, මමත්, තරුණ භික්ෂූන් වහන්සේලා දෙනමක් වශයෙන් නායකත්වය සහ ආදර්ශය ලබාදීමට කටයුතු කිරීම නිසා වර්තමානය වන විට බොහෝ රටවල ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩ සිටින විහාරස්ථාන ඉදිවෙලා තිබීම විශාල සතුටක් දනවන කාරණාවක්.

ඔබ වහන්සේ ආගමික ශාසනික සේවයක් සිදුකරනවා සේ ම භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් රට පුරාම විශාල සමාජ සේවාවන් රැසක් සිදුකරමින් වැඩ සිටිනවා. ඒ පිළිබඳ ව තවදුරටත් පැහැදිලි කරනවා නම්,

නායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීමත් සමඟ ලංකාවට වැඩම කිරීමට සිදුවුණා. එහිදී අත්තනගල්ල රාජමහා විහාරයේ විහාරාධිපති වශයෙන් සියලු විහාරාරාංගයන්ගෙන් පරිපූර්ණ වූ විහාරස්ථානයක් බවට පත්කිරීමට කටයුතු කළා. ලංකාවේ පළමු පුද්ගලික පුස්තකාලය වන සිරිසඟබෝ පුස්තකාලය ආරම්භ කිරීමට කටයුතු කළා. කඹුරාගල්ල, වල්ගම්මුල්ල, අලවල, දඹුටුව, මාඉඹුල්කන්ද, හග්ගල්ල, යටියන යන විහාරස්ථාන වැඩිදියුණු කිරීමට කටයුතු කළා.

සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම පිණිස හොඳ භික්ෂු පරපුරක් රටට දායාද කිරීමේ අරමුණ පෙරදැරිව අත්තනගල්ල රාජමහා විහාරස්ථානය තුළ සිරිසඟබෝ පිරිවෙනත් සිරිසඟබෝ දහම් පාසලත් ආරම්භ කිරීමට ලැබීම විශාල සතුටක්, ඒ වගේම අඛණ්ඩ ව මාස්පතා රුපියල් දෙලක්ෂ හතළිස් දහසක මුදල් යොදවමින් ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිරිගැන්වීම සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

මගේ පැවිදි දිවියට සිව්පසයෙන් උපස්ථාන කළ දායකයන්ගේ දරුවන් වෙනුවෙන් පුද්ගලික ව උදවු උපකාර සිදු කළ නොහැකි නිසා අත්තනගල්ල ප්‍රදේශයේ පාසල් විශාල ප්‍රමාණයකට දෙමහල්, තෙමහල් ගොඩනැඟිලි 50 කට ආසන්න ප්‍රමාණයක් ලබා දී තිබෙනවා.

මගේ විදේශීය හිතමිත්‍රාදීන්ගේ ආධාර උපකාර මත දරුවන්ගේ පාසල් ගොඩනැඟිලි සඳහා පමණක් රුපියල් හැට හය කෝටි හැත්තෑ හතර ලක්ෂයක් යෙදවීමට ලැබීම සතුටට කරුණක්. එම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීමක් වශයෙන් පොළොන්නරුව ප්‍රදේශයේ පාසලකත් මේ වන විට තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට ආරම්භ කළා. දැයේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කිරීම තුළින් ගුණවත්, නැණවත්, බුද්ධිමත් පිරිසක් රටට දායාද කිරීමේ හැකියාව ලැබෙනවා.

සුනාමි විපත අවස්ථාවේ දී ත් විදේශීය මිත්‍රයන්ගේ ආධාර උපකාර ලබාගෙන නිවාස 336 ක් ඉදිකරමින් මහජනතාවට, බෙදා දීමට කටයුතු කළා. ගංවතුර ව්‍යසනවලදීත්, බෝම්බ පිපිරීමෙන් සාලාව විපතට පත් අවස්ථාවේදීත් මහජනතාවගේ ජීවිතය නඟා සිටුවීමට ක්‍රියා කළා.

වතුපිටිවල මූලික රෝහල වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරිව වතුපිටිවල රෝහල් සංවර්ධන පදනම පිහිටුවා වසර 15 ක් පමණ ගත වෙනවා. කෝටි තුනහමාරක ළදරු වාට්ටු සංකීර්ණයක්, භික්ෂු වාට්ටුවක් ඉදිකිරීමට කටයුතු කළා. රෝහල් පදනමේ සභාපති වශයෙන් රුපියල් කෝටි පහ හමාරක වියදමින් රෝහල වෙත ලබාදුන් ස්කෑන් යන්ත්‍රය තුළින් ප්‍රදේශයේ ජනතාවට වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව උදා වුණා. ඒ වගේම දඹානේ ආදිවාසී නායකයා ඇතුළු ආදිවාසී පවුල් 380 ක ප්‍රමාණයක් බෞද්ධයන් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් දහම් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා දහම් පාසලක් ආරම්භ කළා. ආදිවාසී නායකයා සැමදාම බුද්ධ පූජාව පවත්වමින් යහපත් බෞද්ධයන් ආකාරයෙන් කටයුතු කරගෙන යන බව සිහිපත් කළ යුතුයි.

වර්තමාන ජනාධිපතිතුමා මත් කුඩු උවදුරින් මේ රට බේරා ගැනීමේ සටනක යෙදී සිටින මෙබඳු අවස්ථාවකට දිරි දීමක් වශයෙන් මත් කුඩු උවදුරට ගොදුරුව නොමඟ ගිය තරුණයන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ නවදිගන්ත පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දස දහසක තරුණ පිරිසක් පුනරුත්ථාපනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක වියදමින් හමුදාවේ සහයෝගය මත ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට කටයුතු කරමින් පවතිනවා.

ඒ වගේම වර්තමාන අග්‍රාමාත්‍යතුමා එවකට ජනාධිපතිතුමා වශයෙන් කටයුතු කරද්දී එතුමා විසින් මා වෙත පරිත්‍යාග කළවාහනය ප්‍රදේශයේ දරුවන්ගේ පාසල් ගොඩනැඟිලි ඉදිකිරීම වෙනුවෙන් ආයෝජනයක් වශයෙන් යොදාගත් බව මේ අවස්ථාවේ දී කෘතවේදී ව සිහිපත් කළ යුතුයි.

ආගමික ශාසනික, සේවය අගය කරමින් මල්වතු මහා විහාර පාර්ශ්වය මඟින් සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයත්, මල්වතු මහා විහාර විංශත් කාරක සංඝ සභාව ඒකමතිකව උපාධ්‍යායන් වහන්සේ නමක් වශයෙන් පත් කිරීම තුළ උපසම්පදා විනය කර්මවලට සහභාගි වෙමින් තවදුරටත් ශාසනික සේවය සඳහා කැපවීමට අවස්ථාව ලබාදීම පැවිදි ජීවිතයේ සතුටු විය හැකි අවස්ථාවක් බව සිහිපත් කළ යුතුයි.