Print this Article


සත් ගුණෙන් සුපසන් උතුම් දම්පල් තුමා සමරමි බැතින්

ලක් මවුන් සුදු කිත් යසස් කඳ
ඔප් නැගූ නිදහස් රසින්
සත් ගුණෙන් සුපසන් උතුම්
දම්පල් තුමා සමරමි බැතින්

උදා අරුණ’ලු නොදැක පරගැති
වහල් යදමින් බැඳී සිටි දැය
මුදා ඉන් නිදහසේ මධු රස
බෙදු සිංහල වීරයාණෙනි

එදා ඔබ අප අවදි කරනට
අභීත ව හඬ නගා කී බස
දෝංකාරය දිදී නුබ ගැබ
දෙවයි මිය යන දැයට ජීවය

අදීන ව සිය සමය මුල්කොට
නිදාසත්වය පතා දෙස රැස
නොබා මෙහෙයූ සටන චින්තන
සදානුස්මරණීය වේ ම ය

එදා මෙන් යළි ඉපැද හෙළදිව
දනන් හට පා සුනිසි මං පෙත
ඔවුන් ඇසැ දිසි ව්‍යාජ පටලය
ඉරා දුරු කළ මැනවි පිරිපත