Print this Article


පාලි පාඩම - 44 කොටස

44 කොටස

සිංහල අර්ථය

“මහණෙනි, මේ ධර්ම තුනකින් යුත් පුද්ගල තෙමේ යම් සේ ගෙන එන ලද්දක් බිම හෙළන්නේ ද එසේම නිරයෙහි උපදියි. කවර ධර්ම තුනකින් ද?

“අකුසල වූ කාය කර්මයෙන් ද, අකුසලවූ වාක් කර්මයෙන් ද, අකුසලවූ මනෝ කර්මයෙන් ද වෙයි.

“මහණෙනි, මේ ධර්ම තුනෙන් යුක්තවූ පුද්ගල තෙමේ යම් සේ ගෙන එන ලද්දක් බිම හෙළන්නේ ද එපරිද්දෙන් නිරයෙහි වැටෙයි.

“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගල තෙමේ යම් සේ ගෙන එන ලද්දක් හෙළන්නේ ද එසේම ස්වර්ගයෙහි උපදියි. කවර ධර්ම තුනකින් ද යත්?

“කුසල කාය කර්මයෙන් ද කුසල වාක් කර්මයෙන් ද කුසල මනෝ කර්මයෙන් ද වෙයි.

“මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ස්වර්ගයෙහි උපදියි.

****

මෙම පාඩම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 08.45 ට බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ ද (The Buddhist TV) සඳුදා සවස 03.30 ට බෞද්ධයා ගුවන් විදුලි නාලිකාවේ ද විකාශනය වේ. ඔබට පසුගිය වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය. ඒ සඳහා පිවිසෙන්න. www. the buddhist TV / Magadhi (මාගධී) හෝ kotaneluwe thero (කොටනෙලුවේ හිමි) යනුවෙන් සොයන්න.