Print this Article


භව ගමනේ වන්දනාව

භව ගමනේ වන්දනාව

සංසාරගත පුරුදු
ඔලොගුවේ රුවාගෙන
භව ගමනෙ අප සැවොම
යන්නෙ වන්දනාවක

කඳුළු උල්පත් ඉනුව
නෙතෙහි තුටු මල් පිපෙයි
දිය දහමෙ නියමයෙන්
මල් පිපී පරව යයි

ළබැඳි ඔබ හෙට දිනයෙ
අතැර ගිය කල යන්න
මහද වෙණ තත් අතර
බඹර තත සිඳෙනු ඇත

මතක ලොව දිගහැරෙන
සොඳුරු සිතුවම් ඔබගෙ
මහද ලෙන තුළ තනිව
සසර දුක පහදවයි