Print this Article


වන්දනීය පූජනීය අටවිසි බෝධීන් වහන්සේ

වන්දනීය පූජනීය අටවිසි බෝධීන් වහන්සේ

ඵුස්ස බුදුරජාණන් වහන්සේ
ඇඹුල බෝධිය - නෙල්ලි

බෝධි තස්ස භගවතෝ ආමණ්ඩෝති පවුච්චති

ඒ භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය ඇඹුල ර ැක යැයි කියනු ලැබේ. සද්ධර්මරත්නාවලියෙහි බෝධිය වූයේ ඇඹුලු රුක යැයි යනුවෙන් සඳහන් වේ.

විපස්සී බුදුරජාණන් වහන්සේ
පලොල් බෝධිය

බෝධිතස්ස භගවතෝ පාටලීති පවුචිචතී

ඒ බුදුරජාණන් වහන්සේගේ බෝධිය පලොල් යැයි කියනු ලැබේ යනුවෙන් බුද්ධ වංශ පාලියෙහි 188 - 189 පිටුවල සඳහන් වේ.

සිඛී බුදුරජාණන් වහන්සේ
හෙළඹ බෝධිය - ඇටඹ

බෝධි තස්ස භගවතෝ පුණ්ඩරීකොති පවුච්චතී

ඒ භාග්‍යවතුන්ගේ බෝධිය හෙළඹ යැයි බුද්ධ වංශ පාලියෙහි සඳහන්ව ඇත. එම හෙළඹ බෝධිය සද්ධර්ම රත්නාවලියෙහි ඇටඹ වෘක්ෂය යැයි අර්ථ දක්වා ඇත.

වෙස්සභූ බුදුරජාණන් වහන්සේ
සල් බෝධිය

බෝධි තස්ස භගවතෝ සාලෝ ඉති පවුච්චති

ඒ භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය සල් රුක යැයි කියනු ලැබේ. යනුවෙන් බුද්ධ වංශ පාලියෙහි 106, 107 පිටුවල සඳහන්ව ඇත.

කකුසඳ බුදුරජාණන් වහන්සේ
මහරී බෝධිය - මාර

බෝධි තස්ස භගවතෝ සිරිසෝති පවුච්චතී

ඒ භාග්‍යවත්හුගේ බෝධිය මහරී යැයි කියනු ලැබේ යනුවෙන් බුද්ධ වංශ පාලියෙහි (212 - 213) පිටුවල ඇතුළත් ය. "කකුසන්ධ" යන පාලි නාමය "කකුසඳ" යනුවෙන් සිංහලට බිඳගත් බව ප්‍රකට වේ.

කෝණාගමන බුදුරජාණන් වහන්සේ
දිඹුල් බෝධිය

බෝධි තස්ස භගවතෝ උදුම්බරෝතී පවුච්චති

ඒ බුදුරජාණන් වහන්සේගේ බෝධිය ‘දිඹුල් වෘක්ෂය’ යැයි කියනු ලැබේ.

කස්සප බුදුරජාණන් වහන්සේ
නුග බෝධිය

බෝධි තස්ස භගවතෝ නිග්‍රෝධෝති පවුච්චති

ඒ බුදුන්ගේ බෝධිය නුග රුක යැයි කියනු ලැබේ. යනුවෙන් බුද්ධ වංශ පාලියෙහි 230 - 231 පිටුවල සඳහන් වේ. කස්සප යන පාලි නාමය සද්ධර්මරත්නාවලියෙහි කසුප් යනුවෙන් සිංහලට බිඳගෙන ඇති බව ප්‍රකට වේ.

ගෝතම බුදුරජාණන් වහන්සේ
ඇසතු බෝධිය

අහං අස්සත්ථ මුලම්හි පත්තෝ සම්බෝධි මුත්තමං

මම ඇසතු බෝමුල හි හිඳ උතුම් වූ සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි. යනුවෙන් බුද්ධවංශ පාලියෙහි 236, 237 පිටුවල සඳහන් වේ. බුදුරජාණන් වහන්සේලා විසිපස් නම පිළිබඳව බුද්ධවංශය පදනම් කොට ගෙන ඉදිරිපත් කොට ඇත. ඉහත සඳහන් කළ පරිදි සරණංකර බුදුරජාණන් වහන්සේ, තණ්හංකර බුදුරජාණන් වහන්සේ, මේධංකර බුදුරජාණන් වහන්සේ යන බුදුරජාණන් වහන්සේලා තෙනම පිටදුන් බෝධීන් පිළිබඳව සඳහන් වන පැරැණිම මූලාශ්‍රය සද්ධර්මාලංකාරයයි.

සද්ධර්මාලංකාරය දෙවන ධර්ම කීර්ති හිමියන්ගේ කෘතියකි. එය බු.ව.1398 - 1410 අතර ගම්පොල රාජධානි යුගයේ රචිත ග්‍රන්ථයකි. එම ග්‍රන්ථයෙහි ඉහත සඳහන් බුදුරජාණන් වහන්සේලා තුන් නම පිටදුන් බෝධීන් වහන්සේලා පිළිබඳ ව සඳහන් කර ඇත.

තණ්හංකර බුදුරජාණන් වහන්සේ
රුක් අත්තන බෝධිය

රුක් අත්තන බෝ මුල්හි වැඩ හිඳ, මර සෙනඟ බිඳ, බුදු ව සත්වානුග්‍රහ කොට අවුරුදු ලක්ෂයක් ආසිරි වළඳා වැඩ සිටි තණ්හංකර බුදුරජාණන් වහන්සේ යනුවෙන් සඳහන් ය. එම නිසා තණ්හංකර බුදුරජාණන් වහන්සේගේ බෝධිය රුක් අත්තන බෝධිය වේ.

මේධංකර බුදුරජාණන් වහන්සේ
කෑල බෝධිය

කෑලමුල්හි වැඩ හිඳ මාරාන්ධකාර ප්‍රබන්ධ ද්වංසනයැ කොට සර්වඥ පද ප්‍රාප්තව සද්ධර්මාලෝක පතුරුවා අනූ දහසක් අවුරුදු ආසිරි වළඳා ලෝවැඩ වඩා වැඩ හිඳ මේධංකර නම් බුදුරජාණන් වහන්සේය යනුවෙන් සඳහන් පාඨයෙන් පැහැදිලි වන්නේ මේධකංර බුදුරජාණන් වහන්සේගේ බෝධිය කෑල බෝධිය බවයි.

සරණංකර බුදුරජාණන් වහන්සේ
පලොල් බෝධිය

සරණංකර බුදුරජාණන් වහන්සේ පිටදුන් බෝධිය පුලිල බෝධිය වශයෙන් මෙම ග්‍රන්ථයෙහි සඳහන් වේ. එනම් පුලිල බෝ මුල්හි වැඩ හිඳ මර සෙනඟ ලුහුබැඳ බුදු ව දම්සක් පවත්වා සත්වානුග්‍රහය කර අසූ දහසක් ආසිරි වළඳා වැඩ සිට නිවන් පුර පරවූ සරණංකර බුදුරජාණන් වහන්සේ ය. යනුවෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලා ‘පිටදුන් බෝධින්’ පිළිබඳ ඒ ඒ කර්තෘ ආශි‍්‍රත කරුණු අනුව ඉදිරිපත්කොට ඇත .ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වය ලැබීමට වැඩහුන් ඇසතු බෝධිය පිළිබඳව විවිධ කරුණු ඉදිරිපත් කෙරේ.