Print this Article


අම්බලන්ගොඩ රෝහලේ දී කාව්‍යමය ධර්ම දේශනාව 13 වන දා

අම්බලන්ගොඩ රෝහලේ දී කාව්‍යමය ධර්ම දේශනාව 13 වන දා

අම්බලන්ගොඩ පොල්වත්ත රෝහලේ දී ජන්ම ලාභය ලැබූ අලුත්වල හේවා දයා ද ෆොන්සේකා මෑණියන්ගේ 85 වන උපන්දිනය 2020 සැප්තැම්බර් 13 වන දිනට යෙදී ඇත. එදින මවට උපහාර පිණිස කාව්‍යමය ධර්ම දේශනාව දංකොටුව, දික්වෙල, මොහොට්ටිමුල්ල එකමුතු තරුණ සමිතියේ සභාපති, කාව්‍ය විශාරද කිවිඳු හර්ෂ මෙවන් මහතා විසින් පෙරවරු 11 ට සිදු කෙරේ. එදින පුතු කැලුම් ද ෆොන්සේකා විසින් ධර්ම දානය පිණිස බුදුසරණ පුවත්පත බෙදාදීම සිදු කෙරේ.