Print this Article


ලලාට ධාතු නිකිණි මහා පින්කම සේරුවිල පුදබිමේ දී

ලලාට ධාතු නිකිණි මහා පින්කම සේරුවිල පුදබිමේ දී

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරස්ථානය වාර්ෂිකව සංවිධානය කරන 96 වැනි ලලාට ධාතු නිකිණි මහා පින්කම 26 සිට සැප්තැම්බර් 02 දක්වා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත. විහාරාධිපති නැගෙනහිර තමන්කඩුව දෙපළතේ ප්‍රධාන සංඝනායක දොම්පේ පාළුගම භාවනා මධ්‍යස්ථානාධිපති මුංහේනේ මෙත්තාරාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පින්කම් මාලාව පැවැත්වේ.

සැප්තැම්බර් 01 පොහෝදින ආලෝක පූජාව ලලාට ධාතු පූජාව, දේව දූත පෙරහර දොරකඩ අස්න, අනුශාසනාව සහ රාත්‍රී මල්වෙඩි සංදර්ශනයක්ද පැවැත්වේ. 02 දා පින්කම් මාලාව අවසන් දිනය වන අතර හිටපු විහාරාධිපති අපවත් වී වදාළ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නාහිමියන්ගේ 36 වැනි ගුණසමරුව සහ සේරුවිල සරණකිත්ති අනුනාහිමියන්ගේ 04 වන ගුණ සමරු උත්සවය ද මීට සමගාමීව පැවැත්වේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර නිකිණි මහා පෙරහර මහජනතාවට විවෘත නොවන අතර පෞරාණික චාරිත්‍රවලට පමණක් සීමාවන බව විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම හිමියෝ පැවසූහ.