Print this Article


කළුතර දිස්ති‍්‍රක්කයේ පිරිවෙන් ඵලදායිතා වැඩ සටහන

කළුතර දිස්ති‍්‍රක්කයේ පිරිවෙන් ඵලදායිතා වැඩ සටහන

පිරිවෙන්වල ඵලදායිතාව නංවනු පිණිස ආරම්භකෙරුණු වැඩසටහන් මාලාවේ කළුතර දිස්ති‍්‍රක් වැඩසටහන හොරණ විද්‍යාරත්න විද්‍යායතන පිරිවෙනේ දී පැවැත්වුණි. කළුතර දිස්ති‍්‍රක් පිරිවෙන් අධ්‍යක්ෂ බලගොඩ අමරජෝති හිමියන්ගේ අධීක්ෂණය පරිදි හොරණ විද්‍යාරත්න විද්‍යායතන පරිවේණාධිපති හිමි ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය මීට සම්පත් දායකත්වය දැක්වූහ. මෙහි දී බස්නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලය නියෝජනය කරමින් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා ද ජාතික ඵලදායිතා කාර්යාලය නියෝජනය කරමින් ඵලදායිතා මෙහෙයුම් නිලධාරි (පිරිවෙන්) දේශපි‍්‍රය චන්ද්‍රසේකර, ඵලදායීතා නිලධාරී සම්බන්ධීකාරක රොෂාන් ප්‍රසාද් යන මත්වරු ද සහභාගී වූහ. කළුතර දිස්ති‍්‍රක් සියලු පිරිවෙන්වල පරිවේණාධිපති, නියෝජ්‍ය පරිවේණාධිපති හිමිවරු මීට සහභාගී වූ අතර සාම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපන රටාව මැනවින් පවත්වාගෙන යමින් නූතන තාක්ෂණය ද සාර්ථක ව භාවිතයට යොදාගනිමින් පිරිවෙන් අධ්‍යාපන ක්‍රමවේදය ඉදිරි වකවානව තුළ පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධ ව දේශන කිහිපයක් ම මෙහි දී පැවැත්වුණි.