Print this Article


ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාලය විවෘත කිරීම

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාලය විවෘත කිරීම

වැලිතර මහ කරාවේ ඤාණවිමලතිස්ස මහ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රි.ව. 1803 දී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා අමරපුර මහ නිකාය වර්තමානය වන විට වසර 218ක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය පෝෂණය කරමින් ලාංකේය ශාසනෝදය වෙනුවෙන් දැවැන්ත කාර්යයභාරයක් ඉටු කරමින් සිටී. එම අමරපුර මහ සංඝ සභාවේ අභිනව සංඝ සභා කාර්යාලය මේ මස 15 වන දින පස්වරු 04.00 ට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමි ප්‍රමුඛ මහ සංඝ රත්නයේ ආශීර්වාදයෙන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් සඟසතු කොට පූජා කිරීමේ මහෝත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහ ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර අනු නා හිමියෝ දන්වා සිටිති.