Print this Article


ඓතිහාසික සේරුවාවිල රජමහා විහාරයේ 96 වැනි ලලාට ධාතු පූජෝත්සවය අගෝස්තු 26 සිට සැප්තැම්බර් 02 දක්වා

ඓතිහාසික සේරුවාවිල රජමහා විහාරයේ 96 වැනි ලලාට ධාතු පූජෝත්සවය අගෝස්තු 26 සිට සැප්තැම්බර් 02 දක්වා

ඓතිහාසික සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේ 96 වැනි වාර්ෂික ලලාට ධාතු නිකිණි මහා පින්කම අගෝස්තු 26 සිට සැප්තැම්බර් 02 දක්වා පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. විහාරාධිපති නැගෙනහිර, තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝ නායක දොම්පේ, පාළුගම භාවනා මධ්‍යස්ථානාධිපති, ආචාර්ය මුංහේනේ මෙත්තාරාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පින්කම්මාලාව පැවැත්වේ. අගෝස්තු 26 සවස සතිපිරිත් දේශනාව ආරම්භ කෙරේ. 27 සිට 31 දක්වා ලලාට ධාතු පූජාව, විදුලි ආලෝක පූජාව, ධර්ම දේශනා පවත්වන අතර, සති පිරිත් දෙසුම අවසන්වන දින අපවත් වී වදාළ නායක ස්වාමීන් වහන්සේලාට සහ නැසීගිය විහාරස්ථ දායක පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කර සියක් නමක් විෂයෙහි සඟසතු දානමය පින්කමකි.

සැප්තැම්බර් (01) පොහෝ දින විශේෂ පොහොය වැඩසටහන, රාත්‍රී ආලෝක පූජාව, ලලාට ධාතු පූජාව, දේවදූත පෙරහර, දොරකඩ අස්න දේශනාව සහ මල්වෙඩි සංදර්ශනයක්ද පැවැත්වේ. රටේ පවතින කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වය සැලකිල්ලට ගෙන මෙවර පෙරහර මහජනතාවට විවෘත නො වන අතර, පෞරාණික චාරිත්‍රවලට පමණක් සීමා කෙරේ. සැප්තැම්බර් (01) දා පොහෝ දින සියලු ආගමික වැඩසටහන් ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ සජීවී ව විකාශය කෙරේ.