Print this Article


ප්‍රාචීන විභාග සඳහා දින නියම කෙරේ.....

ප්‍රාචීන විභාග සඳහා දින නියම කෙරේ.....

ප්‍රාචීන භාෂෝපකාර සමාගම හා විභාග දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව පවත්වන ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන විභාග 2020 ජූලි 20 වැනි දින ඇරඹීමට නියමිත ව තිබුණි. එහෙත් කොවිඩ් 19 වසංගත රෝගී තත්ත්වය යළි උත්සන්න වීම හේතුවෙන් එය දින නියමයක් නැතිව කල්දමා තිබුණි.

එම විභාග අගෝ. 24 වැනි දා ආරම්භ කිරීමට තීරණය කොට තිබේ. ඒ අනුව අගෝ. 24 වැනි දින ප්‍රාචීන මධ්‍යම හා අවසාන විභගයන් ද අගෝ. 29 ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය ද ආරම්භවන බවත්, විභාග කාල සටහන පසුව ප්‍රසිද්ධියට පත් කරන බවත්, නව විභාග අයදුම්පත්‍රයක් නිකුත් කරන බවත් ශී‍්‍ර ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ලේකම්, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රාචීන) බණ්ඩාරවෙල රතනසාර හිමියෝ පිරිවෙණට පැවසූහ.