Print this Article


අරුත් දැන නිතියෙන වඳිමු මව්පිය දෙදෙන අදරින

අරුත් දැන නිතියෙන වඳිමු මව්පිය දෙදෙන අදරින

දසමාසේ උරේකත්වා - පෝසෙසි වුද්ධිකාරණං
ආයු දීඝං වස්ස සතං - මාතු පාදං නමාමහං

දස මසක් කුසෙහි තබාගෙන මා ආරක්ෂා කළ මෑණියනි, මගේ වැඩීම පිණිස, හෙවත් සියක් වසක් ජීවත් වීම පිණිස මා පෝෂණය කළ මෑණියනි, මම ඔබ දෙපා වඳිමි.

වුද්ධිකාරො අලිංගිත්වා චුම්බිත්වා පියපුත්තකං
රාජ මජ්ඣං සුපතිට්ඨං පිතු පාදං නමාමහං

පියාණෙනි, පුත්‍ර වූ මා වැළඳගෙන සිඹ සැනසුවේ ඔබයි. ආහාරපානාදිය දීමෙන් රජුන් මැද මනාව පිහිටීමට ශක්තිය දුන්නේ ද ඔබයි. පියාණෙනි, මම ඔබ දෙපා වඳිමි.