Print this Article


පොත් පුවත්

සඳ කිඳුරයි සඳ කිඳුරියි (සඳ කිඳුරු ජාතකය)

කර්තෘ - දමයන්ති ජයකොඩි

ප්‍රකාශකයෝ - දයාවංශ ජයකොඩි සහ සමාගම

දමයන්ති ජයකොඩි කතුවරිය ලියූ අලුත්ම බෞද්ධ ග්‍රන්ථය “සඳ කිඳුරයි සඳ කිඳුරියි“ (සඳ කිඳුරු ජාතකය) ග්‍රන්ථය මේ මස 11 වනදා කොළඹ 10, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමේ පොත් ප්‍රදර්ශනාගාරයේ දී නිකුත් කෙරේ.

අප ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ එක් භවයක විස්තර කෙරෙන සඳ කිඳුරු ජාතකයට දරු දැරියන්ට මෙන්ම වැඩිහිටියන්ට ද රස විඳිය හැකි සුන්දර කතා වස්තුවකි. ළමා මනසට කතාවේ රසවත් බව වටහා දීමට ජාතකයේ පින්තූර ද යොදා ඇත.

 

 

 

 

****

විදු ඇස් පාදන බුදු රැස්

කර්තෘ - චාමික මුණසිංහ

ප්‍රකාශකයෝ - සාහිත පොත් පියස

චාමික මුණසිංහ කතුවරයාගේ නවතම කෘතිය “විදු ඇස් පාදන බුදු රැස්” (තුන්කල් දැක්ම) ග්‍රන්ථය පසුගියදා එළිදැක්විණ.

සාහිත්‍ය පොත් පියස මගින් ප්‍රකාශයට පත්කරන ලද එම ග්‍රන්ථයෙන් උදම් රළ, වසංගත හා මෘංග සංඥා, ලෝක විනාශය හා ලෝකෝත්පතිතිය, දියසෙන් බලය, සහස්සී ලෝකවාසීන් සප්ත සූරියෝද්ගමනය ඇතුළු විවිධ ව්‍යසන සහ අනාවැකි සටහන් යනාදී මාතෘකා තිස්හයක් පාඨකයාට රුචිපරිදි විස්තර කිරීමට කතුවරයා උත්සාහ කර තිබේ.