Print this Article


පිහිට පතයි

පිහිට පතයි

ගෝනවිල, එළිවිල, අංක 677/5 හි පදිංචි අයි. එම්. හිරුණ මිහිරංග බණ්ඩාර (11) දරුවා තැලසීමියා රෝගයට ගොදුරුව ඇතිබව කියයි. ඔහුට ඇටමිඳුළු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් කිරීමට වෛද්‍යවරු නිර්දේශ කර ඇති බවද කියයි. ශල්‍ය කර්මයට විශාල මුදලක් වැයවන බැවින් උපකාර කරන ලෙස දරුවාගේ මව්පියන් ඉල්ලීමක් කරයි. වැඩි විස්තර 0772530389 හෝ 0760324330 විමසිය හැක. ඔබගේ ආධාර වෙල්පල්ල ලංකා බැංකුවේ ගිණුම් අංක 76198969, පන්නල සම්පත් බැංකුවේ ගිණුම් අංක – 116652082847 හෝ පන්නල කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක 8008232546 ගිණුමට මුදල් බැරකළ හැකි බවද කියයි.

 

 

 

 

****

කළුතර, නෑබොඩ පදිංචි රසෝධ්‍යා සෙව්වන්දි (30) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඇයට “බී හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බවද ඇය කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් 0711 795588 දුරකතනයට දැනුම් දිය හැකි අතර, මුදලින් ආධාර කළ හැකි අයෙකු වේ නම් නෑබොඩ මහජන බැංකුවේ ගිණුම් අංක 249 - 2 - 001 - 0002 4438 ගිණුමට මුදල් බැර කළ හැකි බවද කියයි.

****

අවු. 35 - 55 අතර පරිත්‍යාගශීලී අයෙකුගෙන් “බී හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. 071 4059854, 077 4280422 දුරකතනයෙන් විමසිය හැකිය.

****

වේයන්ගොඩ, වදුරව අංක 213/5 හි පදිංචි දිලාන් ධනුෂ්ක (25) දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට හැකි ඉක්මනින් “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බවද කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් 071 4988568/ 071 6692336 දුරකතනයෙන් විමසිය හැක.

****

කළුතර දකුණ දූවේ දීපාරාම පුරාණ විහාරාධිපති විශ්‍රාමික විදුහල්පති ශාස්ත්‍රපති කළුතර පුඤ්ඤසිරි හිමියන් වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. උන්වහන්සේට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ද කියයි. පරිත්‍යාගශීලීන් වෙතොත් පහත දුරකථන අංකවලට අමතන ලෙස ඉල්ලා සිටියි. 071 807 4388 , 071 83 62577, 077 381 5390

****

බොරැල්ල, ගෝතමී පාර, නව මහල් නිවස අංක 24/150/ඊ 4/2/2 හි පදිංචි සමන් චන්දිම හෙට්ටිආරච්චි නැමති අය වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට “ඒ හෝ ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව ද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0722143570 දුරකතනයෙන් විමසිය හැක. මුදලින් ආධාර කළ හැකි නම් ලංකා බැංකුවේ ගිණුම් අංක 85891363 ට මුදල් බැර කළ හැකි බවද කියයි.