Print this Article


සේරුවාවිල මංගල රාජමහා විහාරයේ නිකිණි මහ පින්කම

සේරුවාවිල මංගල රාජමහා විහාරයේ නිකිණි මහ පින්කම

බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ කේශ ධාතුන් වහන්සේලා වැඩසිටින ඓතිහාසික සේරුවාවිල මංගල රජමහා විහාරයේ 96 වැනි වාර්ෂික ලලාට ධාතු නිකිණි මහා පින්කම අගෝස්තු 26 සිට සැප්තැම්බර් 02 දක්වා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත. මීට සමගාමීව සේරුවාවිල මංගල රජමහා විහාරයේ හිටපු විහාරාධිපති දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නාහිමියන්ගේ 36 වැනි ගුණ සමරුව මහ සේරුවිල සරණකිත්ති අනු නා හිමියන්ගේ 04 වැනි ගුණසමරු පින්කම ද පැවැත්වේ.

මෙම කාලය තුළ දිනපතා සති පිරිත් දේශනාව, ලලාට ධාතු පූජාව සහ විශේෂ ධර්ම දේශනා ද පැවැත්වේ. 26 දා සති පිරිත් දේශනාවෙන් පින්කම් මාලාව ආරම්භ කෙරේ. 27 සිට 31 දක්වා ලලාට ධාතු පූජාව, විදුලි ආලෝක පූජාව, ධර්ම දේශනා සහ සති පිරිත් දේශනාව නිමා වීමෙන් පසු අපවත්වී වදාළ මහා සංඝ රත්නයට හා වියෝ වූ දායකකාරකාදීන් සිහිකර සියක් නමක් උදෙසා දානමය පින්කමකි.

සැප්තැම්බර් (01) දා පොහෝ දින ආගමික වැඩසටහන, දේවදූත පෙරහර ,දොරකඩ අස්න, අනුශාසනාව, මල් වෙඩි සංදර්ශනය පැවැත්වේ. සැප්තැම්බර් 02 වැනිදා වාර්ෂික පින්කම් මාලාව නිමාවට පත්කරන බව විහාරාධිපති, නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝ නායක, දොම්පේ පාළුගම භාවනා මධ්‍යස්ථානාධිපති ආචාර්ය මුංහේනේ මෙත්තාරාම හිමියෝ සඳහන් කරති.