Print this Article


සදහම් අරණ

පැන විසඳුම් ජයග්‍රාහිකාව

ආමිස පූජාව

බෞද්ධයන් තුළ උසස් චින්තනයක් ඇති කිරීම උදෙසා බුදු දහමේ ප්‍රතිපත්ති දෙකක් හඳුන්වා දී ඇත. ඒ ආමිස පූජාව සහ ප්‍රතිපත්ති පූජාවයි. එයින් ආමිස පූජාව ලෙස බුද්ධාදී උත්තමයන් වහන්සේලාට ආහාර පාන, වස්ත්‍ර, ගන්ධ, දීප, ධූප, පුෂ්ප ආදිය පූජා කිරීම දැක්විය හැකි ය. බෞද්ධයන් වන අප ආමිස පූජාව පිළිබඳ වටහා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. නිර්වාණගාමී මාර්ගයට ළඟා වීමට ආමිස පූජාව උපකාර වෙයි. පුරාණයේ පටන් අද දක්වා බෞද්ධයන් විිසින් ගෞරවයෙන් කරන ලද පින්කමක් ලෙස ආමිස පූජාව හැඳින්විය හැකි ය. ආමිස, ප්‍රතිපත්ති පූජා දෙක ම අපගේ නිවන් මඟ සම්පූර්ණ කර ගැනීමට ඉවහල් වෙයි. විහාර භූමියේ ශාසන කටයුතුවල දී නිරන්තරයෙන් අපගේ නෙත ගැටෙන ආමිස පූජාව අපගේ සිත ප්‍රබෝධමත් කරයි. මල්, පහන්, සුවඳ දුම් ආදී සියලු පුද පූජාවන් වත් පිළිවෙත් සිදුකරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ ආමිස පූජාවෙන් පිදීමට ය.

****

නිකිණි පෝය දා

බුදුහිමි පිරිනිවී තෙමසක් ගත වූ දා
මහා කසුප් මහරහතුන් පෙරටු එදා
පළමු දහම් සංගීතිය ඇරඹුණ දා
තුන් පිටකයේ සැලසුම නිකිණි පෝදා

සිව් ඉරියව් මඟහැර වැඩඋන් සැනෙක
අනඳ තෙරුන් අරහත් පල ලැබූ සේක
දියත පතළ දළදා පෙරහර මෙලක
නිකිණි පොහොය සිහිවටනෙකි හැම දාක

****

සක්මන් භාවනාවේ අනුසස්

බුදුරජාණන් වහන්සේ සක්මන් භාවනාවේ අනුසස් මෙසේ වදාළ සේක. දුර ගමන් යා හැකි වෙයි, වීර්ය වැඩීමට ශක්තිය ලැබෙයි. ආබාධ අඩුවෙයි, අනුභව කළ දානය සුවසේ දිරවයි, සක්මන් භාවනාවෙන් උපදවා ගත් සමාධිය බොහෝ කල් නොනැනසී පවතී.

****

පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ව ලියා අප වෙත එවන්න.

අපි පරිසරයට ආදරය කරමු යන මතෘකාව යටතේ කෙටි රචනාවක් නිර්මාණාත්මක ව ලියා අපවෙත එවන්න.

ජයග්‍රාහී දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් දහම් පඬුරක් පිරිනැමේ.