Print this Article


සොබාදහමේ පාඩම

සොබාදහමේ පාඩම

අද අප ගත කරන කාලය පිළිබඳ අප සැමටම තියෙන්නේ ජිවිතය පිළිබඳ අවිශ්වාසක් ය.කවුරුත්, කෙදිනකවත් නොසිතූ මොහොතක ඇති කළ රෝග කාරකයක් මුළු ලෝකයකටම තර්ජනය වුණා.

එතැනදි සිදු වුයේ කුමක් ද?.ලෝකයේ තමන් ධනවාදීන් යැයි,බලවත් යැයි හීන මානයෙන් පෙළුණු බොහෝ රටවල් මේ රෝගය ඉදිරියේ දණින් නැමුණා. ඒ වගේම තමන් ගේ ජිවිතය පිළිබඳ නියත බියක් නිර්මාණය වුණා.මේ ගෝලීය උවදුරෙන් මිනිස් සංහතියට ම විශාල පණිවිඩයක් සොබා දහම ලබා දී තියෙනවා.

කතාවක් තියෙනවා “ගින්නේ තරම දන්නේ පිච්චෙන කෙනා” යැයි කියා

එහි සත්‍යතාවයක් තියෙනවා.මෙහි බරපතළකම දැනුණේ එම ඛේදවාචකය ඉදිරියේ අසරණ වුණ මිනිසුන් ය.අප බොදුණුවන් විදිහට ජිවිතය දෙස බලන්නට මෙ සොබා දහම අපූරූ පාඩමක් අපට කියා දුන්නා.අපට මේ රෝග කාරක වලින් මිදෙන්නට කරන්න හැකි එකම දේ අධ්‍යාත්මික ශක්තියට එකාග්‍ර වීම යි.

බුදු රජාණන් වහන්සේ ගේ කාලයේ දී පවා මෙවැනි වසංගත උවදුරු දක්නට ලැබුණ.විශාලා මහා නුවර තුන් බිය වැනි ඛේදවාචක බුදුන් වහන්සේ සමනය කළේ අකාලික වූ ධර්මයෙන්.

සත්තකින් ම මේ ලිපියෙන් මා අදහස් කළේ අපිට හැකිනම් ආධ්‍යාත්මයෙන් පෝෂීත හදවතක් නිර්මාණය කරගන්න ට අද බොහෝ ලෙඩ රෝග වලට වගේම ව්‍යසනවලට නිශ්චිත ව අපිට ප්‍රතිකාර සොයා ගන්නට පුළුවන්.

“සොබා දහම ට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ” කියන්නේ ඒ නිසයි.පසු ගිය කාල වකවානවේම අප කළ සමහර දේ ස්වභාදහම බොහොම ඉවසීමෙන් දරා සිටියා.කෙතරම් විනාශකාරී ක්‍රියාවන් මිනිසුන් මේ සොබාදහම ඉදිරියේ කළාද? නමුත් එක් නිමේෂයක දී සොබාදහම අපට මේකට උත්තර දෙනවා.

මෙන්න මේ නිසයි අප මෛත්‍රි භාවනාව වැඩිය යුත්තේ.එමගින් අපිට පුළුවන් එම කරුණාවේ බලය විශ්වය ට මුදා හරින්නට බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය එයයි.

උන්වහන්සේ කියා දුන්නා භව රෝග පවා නැති කරගෙන නිවන විමුක්තිය සොයා ගන්නා ආකරය.අද අප සියලු දෙනාට ම ධර්මය පිලිබඳ හොඳ අවබෝධයක් තියෙනවා.ධර්ම කරුණු දන්නවා.නමුත් එය ප්‍රායෝගික ව ජිවිතය තුළ ක්‍රියාත්මක කරන්න අප දන්නේ නැහැ.කරුණාව, දයාව, මෛත්‍රිය, උපේක්ෂා ව, මුදිතාව හරි හැටි අවබෝධයෙන් කළ හැකි නම් විශ්වීය ආදරයට, ප්‍රේමයට අපට ඒකාග්‍ර වෙන්න පුළුවන්.

ඒත් අද අප සුළු දේටත් කිපෙනවා.ප්‍රචණ්ඩ වෙනවා.නිතරම අප සිටිනුයේ අපේ අභ්‍යන්තරයෙන් දැවෙමින්.

ඒ නිසා අප කළ යුතු එකම දේ අභ්‍යන්තර ශක්තිය දියුණු කරන එකයි.අපට හැකිනම් කෙනෙකුට කරුණාව ,දයාව,මෛත්‍රිය,අනුකම්පාව දක්වන්න අපිට හැකියාව උදාවෙයි විශ්වයේ අපරිමිත වූ කරුණාවට එකතු වෙන්න.විශ්වයේ මෛත්‍රියට එකතු වෙන්න.තමන් ගේ හදවත මෛත්‍රියෙන් පුරවා ගන්න කෙනාට පුළුවන් තමන් ට සෙත් පතනව වගේම තම දෙමව්පිය අසල්වාසීන්ට පමණක් නොව සමසත ලෝකයාට ම සෙත් පතන්න.ඒ නිසා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය තුළ ජීවත් වෙන්න හැකිනම් ජිවිතයට එල්ල වෙන ඕනෑම රෝගයකින් සුවපත් වීමේ හැකියාව අපට උදාවෙනවා. එමෙන්ම බොහෝ කර්මජ රෝගයන් පවා නැති කර ගන්නට නම් මෛත්‍රියෙන් පිරුණු සිතක් හදාගන්න.ආධ්‍යාත්මික ශක්තිය ඇති කරගන්නේ කෙසේ ද යන්න අපි ඉදිරියට කතා කරමු.