[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රතිසංස්කරණය වන මහා සෑය

උතුරෙන් හෙළිවන බොදු අභිමානය

සපුමල්ගස්කඩ ඓතිහාසික පුරාණ රාජ මහා විහාරය

කාලයේ වැලි තලාවට හසුව වියැකී යන බොහෝ පෞරාණික දෑ මේ මහපොළව මත පැවතිය ද ලොව්තුරු බුදුරදුන්ගේ ආනුභාවයෙන් ප්‍රමුදිත වූ කිසිවක්, කෙදිනකවත් එසේ යටපත් ව විනාශ නොවන බැව් යථාර්ථයයි. එය මැනවින් හඳුනාගත හැකි පින්බිමක ආශ්චර්යය වසර ගණනාවකට පසුව යළිත් හෙළයන්ගේ උරුමයට එකතු වනුයේ එම ආනුභාවයේ අනුහස් මහපොළවේ උපදින නිසයි. බුදුරදුන්ගේ පාද ස්පර්ශයෙන් පුණ්‍යවන්ත වූ භූමියක උරුමය ලද අප මේ මහා පොළවේ තවත් ඉසව්වක නොදුටු පින්බිමක තතු සොයා යන්නේ, උතුරුකරයේ බොදු උරුමය යළි උපදින මොහොතකයි. වව්නියාව දිස්ත්‍රික්කයේ වව්නියාව උතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැලෑ බෝගස්වැව සිංහල ගම්මානවලට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටා ඇති සපුමල්ගස්කඩ ඓතිහාසික පුරාණ රාජ මහා විහාර පින්බිමයි මේ. ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකම්වලින් පෝෂිත මේ පින් බිම ක්‍රි.ව. අටවැනි සියවස් කල රාජ්‍ය අනුග්‍රහයෙන් පෝෂිත ව සශ්‍රීක ව පැවැති බවට ශේෂව ඇති නටබුන් සාක්ෂි දරයි. එහෙත් මේ බිම කාලිංඝ මාඝ ආක්‍රමණයත් සමඟ ජනශූන්‍ය ව පැවැතෙන්නට ඇති බවයි සපුමල්ගස්කඩ පබ්බතාරාම පින්බිමේ විහාරාධිපති ගලිගමුවේ සන්තබෝධි හිමි සඳහන් කරනුයේ. රාජකීයන්ගේ පහස ලද පින්බිමක් වුව ද එහි පාලනය ලද හා ඉදිකළ විශේෂිත රජ කෙනෙකු පිළිබඳ කිසිදු ලිඛිත සාක්ෂියක් හමුවී නොමැත. එහෙත් වත්මනෙහි සිදුවන පුරා විද්‍යාත්මක කැණීම් මත එම ඉතිහාසය නුඳුරේදී ම හෙළි විය හැකි බවයි සන්තබෝධි හිමි සඳහන් කරනුයේ.

 


   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]