Print this Article


විළඳ – මී පැණි පූජාව 25 දා රුවන්වැලි මහා සෑ මළුවේ දී

විළඳ – මී පැණි පූජාව 25 දා රුවන්වැලි මහා සෑ මළුවේ දී

ප්‍රථම ආහාර සම්බුද්ධ පූජාව වන ‘තපස්සු - භල්ලුක ‘ වෙළෙඳ දෙබෑයන් පිදූ ‘විළඳ මී පැණි පූජාව ‘ සිහිගන්වමින් දසවන වරටත් ‘විළඳ – මී පැණි පූජාව‘ ජුනි 25 වනදා උදේ 6.30 සිට අනුරාධපුර රුවන්වැලි මහා සෑ මළුවේ දී පැවැත්වේ.

විළඳ – මී පැණි රැගත් අසිරිමත් ගැල් පෙරහරක් අලුයම දෙකට පමණ ගමන් අරඹන අතර මෙම පින්කමේ අරමුණ වන්නේ එදා සම්බුද්ධ පූජාවට මී පැණි ලබා ගත් මී මැස්සන් හෝ මී පැණි රැගත් ගැලක බැඳි ගොනකු හෝ තවමත් සසරේ සැරි සරනවා නම් ඔවුන්ට පින් අනුමෝදන් කිරීම ය. තව ද මෙවර පින්කමට ලැබෙන මී පැණි ආයුර්වේද සංස්ථාවට ලබා දෙන අතර පින්කමේ නිර්මාතෘ කඳුළුගමුවේ සුමනතිස්ස හිමියන් ,අනුශාසක අඹන්වැවේ පියරතන හිමියන් සහ ප්‍රධාන සංවිධායක ත්‍රිපිටක ධර්මවේදී ගෝනපීනුවල චන්ද්‍රරතන හිමියෝ ද ඇතුළු ගිහි, පැවිදි, ප්‍රදේශවාසී රැසකගේ අනුග්‍රහය ද ලැබෙනු ඇත.