Print this Article


ඓතිහාසික තිස්සමහාරාම මහ විහාර පෙරහර

ඓතිහාසික තිස්සමහාරාම මහ විහාර පෙරහර

පොසොන් පුන් පෝ දින (05) තිස්සමහාරාම පොසොන් මහ පෙරහර මේ වසරේදීත් 120 වන වරට පැවැත්වීමට තීරණය කර ඇත.

රටෙහි පවතින වසංගත රෝගී තත්ත්වය හේතුවෙන් මෙම වර්ෂ්‍ය තුළදී පෙරහර සීමා කර ඇත.

පෙරහරට සමගාමීව මැයි 27 සිට ජුනි 05 දක්වා බෝධිපූජා පින්කම ද, මැයි 29 සිට ජුනි 04 දක්වා සති පිරිත් දේශනාව ද, ජුනි 04 දින දේවදූත පෙරහර සහ දොරකඩ අස්න අනුශාසනාව ද ජුනි 05 වැනිදා මහා සංඝ දක්ෂිණාව ද, ජුනි 06 දින පුණ්‍යානුමෝදනා බෝධි පූජාව ද, 10 වැනිදා දේව ශාන්ති කර්මය ද, 11 වැනිදා දේව දානය ද පැවැත්වීමට නියමිත බව තිස්සමහාරාම සඳගිරි උභය විහාරවාසී ගලගම ධම්මදින්න හිමියෝ දන්වා සිටියි.