Print this Article


බලංගොඩ පඤ්ඤාවංස නා හිමියෝ අපවත් වෙති

බලංගොඩ පඤ්ඤාවංස නා හිමියෝ අපවත් වෙති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරන්දර බලංගොඩ ශ්‍රී වීරසුන්දරා රාමාධිපතිව වැඩ විසූ ශාසන කීර්ති ශ්‍රි රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති බලංගොඩ පඤ්ඤාවංශ හිමිපාණන් වහන්සේ අපවත් වී වදාළහ.

පිරිවෙන් අවසන් විභාගය, ප්‍රාචින, ප්‍රාරම්භ, මධ්‍යම සහ අවසාන විභාගයත් ඉතා විශිෂ්ට ලෙස සමත්ව සිංහල පාලි, සංස්කෘත, ද්‍රවිඩ සහ ඉංග්‍රීසි භාෂා පිළිබඳ හසළ දැනුමක් ලැබ සිටි උන්වහන්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිලාභියෙක් ද වෙති.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පසුගිය 22 සිකුරාදා සවස බලංගොඩ දී සිදු කෙරිණි.