Print this Article


ජාතික වෙසක් උලෙළට විශේෂ පින්කම්

ජාතික වෙසක් උලෙළට විශේෂ පින්කම්

මෙවර ජාතික වෙසක් සතිය සංකේතවත් කරමින් 6 වැනිදා අරලිය ගහ මන්දිරයේදී තෛ‍්‍රනිකායික මහ නා හිමිවරුන් ඇතුළු නා හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් කෙටි ආගමික උත්සවයක් පැවැත්වේ. ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට ආරම්භ වන එහිදී මහ නා හිමිවරුන් සිවු නම විසින් අනුශාසනාවන් සිදු කිරිමට නියමිත වුණි.

එමෙන්ම තැපැල් දෙපාර්තමේන්තුව විසින් බෞද්ධ සිතුවම් සහිත මුද්දර 4ක් නිකුත් කිරීමද එදින සිදු කෙරේ.

හොරණ ගෝනපොළ ඔලබොඩුව රජ මහා විහාරස්ථානයේ මැයි 7 (වෙසක් පුන් පොහෝ දින) දිනය පුරා විශේෂ වෙසක් ආගමික වැඩසටහන් පැවැත්වෙන අතර ඒ වැඩසටහන් රූපවාහිනි නාළිකා ඔස්සේ විකාශය කෙරෙන අතර මහජන සහභාගිත්වයක් නොකෙරේ.