Print this Article


දසබලධාරී

දසබලධාරී

දසබලධාරී බාහිතපාපී
ලෝකසිවංකර අප මුනිඳා
බෝධි මුලේදී දසමර සේනා
බල පරදා බුදුබව ලැබුවා //

මනාපදායී ශාන්තිවාදී
කලණ වදන් ඇති දම් රජිඳා
දම්සක කරකා දම් වැසි වස්වා
අමා දියෙන් සත නැහැවූවා //

පරහිතකාමී පරම මහේසී
කරුණාවෙන් අග බුදු සමිඳා
පන්සාලිස් වස් බුදුකිස නිමවා
සාල වනේදී නිවී ගියා //

බුදුගුණ රාසී සිහිකර සෑසී
පුද දී මුනි සිරි පා
වෙසක් පොහෝ දින වඳීනෙමු සැදැහෙන
පතමින අම නිවනා //