Print this Article


විහාරස්ථාන රැසකට ප‍්‍රත්‍ය පහසුකම් අඩුයි - සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි හිමි

විහාරස්ථාන රැසකට ප‍්‍රත්‍ය පහසුකම් අඩුයි - සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි හිමි

පවත්නා ඇඳිරි නීති තත්ත්වය යටතේ දිවයින පුරා විහාරස්ථාන 1600ක භික්ෂූන් වහන්සේ 6000කට පමණ ප‍්‍රත්‍ය පහසුකම් නොලැබෙන බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ගෝන¥වේ ගුණානන්ද හිමියෝ පවසති.

ඒ සඳහා අදාළ විහාරස්ථානවල තොරතුරු සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් ලබාගත හැකි බවත් ප‍්‍රත්‍ය පහසුකම් ලබා දීමට හැකි අයට ඒ සඳහා කටයුතු කළ හැකි බවද උන් වහන්සේ පවසති.

එසේම මුදල් ආධාර ලබා දීමට කැමැති පින්වතුන් වෙත් නම් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අරමුදලට බැර කළ හැකි බවද (ලංකා බැංකු ලේක් විව් ශාඛාවේ ගිණුම් අංක 81204920 * උන් වහන්සේ පවසති.

කළුතර දිස්ත‍්‍රික්කයේ පමණක් ප‍්‍රත්‍ය පහසුකම් නොලැබෙන විහාරස්ථාන 300ක් පමණ තිබෙන බවත් ඒ වෙනුවෙන් කළුතර බෝධි භාරකාර අරමුදලෙන් ප‍්‍රත්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරන බවද උන් වහන්සේ වැඩි දුරටත් පැවසූහ.