Print this Article


දහම් පාසල් සිසු නිපුණතා පැවැත්වීමේ තීරණය 27 දා

දහම් පාසල් සිසු නිපුණතා පැවැත්වීමේ තීරණය 27 දා

දහම් පාසල් සිසු නිපුණ තා පැවැත්වී,ණ ක‍්‍රමවේදය සම්බන්ධ තීරණය ලබන සඳුදා (27) සිදු කරනු ලබන සාකච්ඡුාවෙන් ලබා ගන්නා බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා බුදුසරණට පැවසීය.

පසුගිය වසරේදීද පාස්කු ඉරිදා ප‍්‍රහාරය නිසා දහම් පාසල් නොපැවැත්වීම නිසා උද්ගත වූ තත්ත්වය මත සිසු නිපුණතා ඇගැයීම් සඳහා ප‍්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ඇගැයීමේදී විෂය නිර්දේශයෙන් 40% ක් ද දිස්ත‍්‍රික් ඇගැයීම්වලදී 60% ක් ද සමස්ත ලංකා නිපුණතා සඳහා 80 % ක් ද වශයෙන් ඇගැයීම් සිදු කළ මෙවරද දීර්ඝ කාලයක් දහම් පාසල් නොපැවැත්වීම නිසා සිසු නිපුණතා සම්බන්ධයෙන් දූ දරුවන් අපහසුතාවට පත් නොවන ලෙසින් එම නිපුණතා පැවැත්වීමට කටයුතු කරන බවද ඒ මහතා කීය.