Print this Article


සද්ධර්මය යහපත්ය

සද්ධර්මය යහපත්ය

මෙලොව උපදින එක් පුද්ගලයෙක් බොහෝ දෙනාට අහිත පිණිස, නොසැප පිණිස, අනර්ථය පිණිස, දෙව් මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, උපදියි. ඒ කවර පුද්ගලයෙක් ද? විපරිත දර්ශන ඇති මිසදිටුවා ය. හේ බොහෝ දෙන සද්ධර්මයෙන් (දස කුසලයෙන්) තොර කොට අසද්ධර්මයෙහි (දස අකුසලෙහි) පිහිටුවයි. මහණෙනි, මේ එක ම පුද්ගලයා උපදින්නේ බහුජනයාට අහිත පිණිස, දුක් හා නොසැප පිණිස ය.

මෙලොව උපදින එක පුද්ගලයෙක් බොහෝ දෙනාට හිත වැඩ පිණිස සැප පිණිස, දෙව් මිනිසුන්ට හිත සුව පිණිස, උපදියි, ඒ කවරෙක් ද? යථා තත්ත්වය වටහා ගත් සම්‍යග්දෘෂ්ටිකයා ය. හෙතෙම බොහෝ දෙනා අසද්ධර්මයෙන් තොර කොට සද්ධර්මයෙහි පිහිටුවයි. ‘මහණෙනි, මේ එක ම පුද්ගලයා බොහෝ දෙනාට හිත සුව පිණිස උපදින්නෝ වෙති.