Print this Article


සදහම් අරණ

මේ සිරිපා සමයයි

බුදුහිමි තෙ වනවර ලංකා වඩිමින්නේ
කැලණිය දහම් කෙත් යායෙන් නංවන්නේ
පළමු ගමන බුදුහිමි හට සිහිවන්නේ
බුදුසිරිපා තැබුමට පියවර ගන්නේ

සුමන දෙවිඳු බුදුහිමි සමඟින් වැඩියා
සමන්සිරස සිරිපා පහසින් දිලුණා
ලක් දිවයින දම් දිවයින බව වූවා
සිරිලක් මෑණිය ලෝකෙහි වැජඹූවා

සීත ගඟුලෙ ස්නානය කරමින්නේ
ඉඳිකටු පහනේ ගෙත්තම් මවමින්නේ
අහස්ගව්වෙ සිට කරුණා කරමින්නේ


විජය රජතුමා

විජය කුමරු ඉතා දක්ෂ වු අතර වැඩිවියට පත්වීමත් සමඟ මිතුරු ඇසුර වැඩි විය.ඒ නිසා පිය රජුට ඔහු මහත් කරදරයක් විය. ඒ නිසාම පිය රජු යහළුවන් 700 දෙනෙකු සමඟ ඔහු රටින් පිටුවහල් කළේ ය. දින ගණනක් සයුරේ ගමන් කළ එම පිරිස ගොඩබිමක් දුටුවෝ ය. එයට පා තැබූ විගස “තම්බපණ්ණි’ යන නම තබන්නට වූයේ ලක් පොළොවේ වෙරළ තඹ පැහැය ගත් නිසාවෙනි.

මේ කාල සීමාවේ දි යක්ෂ, නාග, දේව නමින් ගෝත්‍ර තිබුණු අතර යක්ෂ ගෝත්‍රිකයන් විසින් රට පාලනය කෙරෙමින් තිබිණි. කුවේණි නම් ගෝත්‍රික කාන්තාවකගේ සහාය ලබා ගත් විජය කුමරු යක්ෂයන් විනාශ කොට ශ්‍රී ලංකාවේ පාලනය භාර ගත්තේ ය. විජය රජ තම මිතුරන් සමඟ ශී‍්‍ර ලංකාව පාලනය කරමින් සිටියේ ය. විජය රජු සමඟ කුවේණිය විවාහ වු නිසා දරුවන් දෙදෙනෙකු ලැබිණි. එහෙත් තම වංශය තුළින් කුල කාන්තාවක් සරණ පාවා ගන්නට සිතූ විජය රජු භද්දකච්චායනා කුමරිය හා විවාහ වූවත් දරුපල නොලද්දේ ය. විජය රජු කුවේණිය මගින් දරුවන් දෙදෙනා මාලිගාවෙන් පිටුවහල් කළේ ය. දරු දෙදෙනා කැලයට ගොස් වැදි පරපුරක ආරම්භකයෝ වූහ. මහාවංශයට අනුව අද වන විට මහියංගන ආදි වාසි ජනයා විජය හා කුවේණියගේ දරුවන් දෙදෙනාගෙන් ඇරඹුණු බව දැක්වේ. විජය රජු අවුරුදු 38 ක් රාජ්‍ය පාලනය කොට මිය ගියේ ය. අපගේ පළමු රජු විජය බව ඉතිහාසගතව ඇත්තේ එසේ ය.


බුදු ගුණ

බුදු ගුණ අනන්තයි අමිලයි අසමසමයි
බුදු බණ අවිදු අඳුරට මිණි පහන තමයි
බුදු නැණ සිව් විශාරද නැණ සුවඳ හමයි
දිනමිණ තුන් ලොවට සම්බුදු දහම තමයි

එබැවින් හැමවිටම බුදු ගුණ සිහි කරමු
බැතියෙන් දහම්රස විඳ කෙලෙසුන් නසමු
නුවණින් නැණින් තෙරුවන් ගුණ දැක ගනිමු
දහමින් තොර මගක් නැති බව නිති සිතමු


මගේ පාසල

මගේ පාසලේ නම වේල්ස් කුමරි විදුහලයි. එය පිහිටා ඇත්තේ මොරටුවේ ය. 1 සිට 13 ශ්‍රේණි දක්වා ශිෂ්‍යාවන් ඉගෙනුම ලබන පාසලකි. අපගේ පාසලේ උදෑසන රැස්වීමක් පවත්වයි. එහි දී එක් ගුරුතුමියක් ගැහැණු ළමයි වශයෙන් අප තුළ තිබිය යුතු ගුණාංග කියාදෙයි. එමෙන් ම ශිෂ්‍ය නායිකාවන් ද අපට පාසලේ ඇති විනය නීති කියා දෙයි. අපගේ පාසල මොරටු පුරවරයේ ඇති කීර්තිමත් පාසල ය. අපගේ පාසලෙන් රටට සේවයක් ඉටු කරන ශිෂ්‍යාවන් බිහිවී ඇත. අපගේ පාසල නැණවත්, ගුණවත් දරු පරපුරක් බිහි කිරීමට වෙර දරයි.


ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාද්වීපය කලින් කල ලංකාව, ලංකාමාතා, සෙයිලාන්, සිලෝන්, තම්බපණ්ණි, තැප්‍රොබේන්, ලංකාදිප යනාදි නම් වලින් ද හඳුන්වා ඇත. මහින්දාගමනයෙන් පසු ධර්ම ද්වීපයක් වු ලංකාව පරාක්‍රමබාහු රජු සමයේ දී පෙරදිග ධාන්‍යාගාරය යැයි ප්‍රචලිත වූයේ ලෝකයටම බත සැපයූ බැවිනි.

ස්වභාවික සෞන්දර්ය, දර්ශනීය සමුද්‍රතීරය , පිටිසර සිරියාව හා බොදු හැදියාව නිසාම කවියන්, කලාකරුවන්, ගීත රචකයන්, ඉතිහාසඥයන් හා අන්‍ය ජාතීන්ගේ ද වර්ණනාවට පාත්‍ර වූ ශ්‍රී ලංකා ධරණී තලය අපේ මාතෘ භූමියයි. ජන්ම භූමියයි. මව්බිමයි.


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

635 බුද්ධිනී මුතු තරංගා - 9 වන ශ්‍රේණිය
ශ්‍රී සමගි දහම් පාසල - මහවැව

636 ඩී.ජී.පාරමී සඳලිකා - 10 වන ශ්‍රේණිය,
ශ්‍රී බෝධිරාජ දහම් පාසල - කතරගම

637 සිහින මදුසංඛ - 03 වන ශ්‍රේණිය
ඇත්නාවල මහ විදුහල - වරකාපොල

638 සනුරි ධීරසිංහ - 04 වන ශ්‍රේණිය,
ලුම්බිනි විදුහල – උඩදෙණිය

639 කේ. ඉමාෂා සෙව්වන්දි - 08 වන ශ්‍රේණිය
ශ්‍රී සුමංගල දහම් පාසල – මිද්දෙනිය


පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ව ලියා අප වෙත එවන්න.

උතුම් ශ්‍රී පාදස්ථානය පිළිබඳව නිර්මාණාත්මකව කෙටියෙන් ලියා අප වෙත එවන්න.

ජයග්‍රාහී දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් දහම් පඬුරක් පිරිනැමේ.


දෙව්දත් හිමි

පෝජපිටියේ
දමිත රක්ඛිත හිමි
03 වන ශ්‍රේණිය
ශ්‍රී ප්‍රඥානන්ද මහ පිරිවෙන මහරගම

දහම්සොඬ ජාතකය

කැකුන්දෙණියේ ශාන්ත හිමි
03 වන ශ්‍රේණිය
ශ්‍රී බෝධිලංකාර මූලික පිරිවෙන – කතරගම