Print this Article


අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මයට අයදුම්පත් කැඳවයි

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මයට අයදුම්පත් කැඳවයි

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය 2020 ජූනි 27, 28 හා 29 යන තෙදින දී සිරි සද්ධම්මවංසපාල ගණාචරිය මහාමහෝපාධ්‍යාය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා “සුධර්මා” කාරක සංඝ සභික නායක ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් බලපිටිය, වැලිතර මහා කප්පින වලව්ව සීමාමාලක මූලස්ථාන විහාරය යාබද මාදුනදී “ස්වේජින්” සීමාවේ දී පැවැත්වෙන බව එම නිකායේ මහා ලේඛකාධිකාරී දර්ශනපති බලපිටියේ සිරිසීවලී නාහිමියෝ නිවේදනය කර ඇත. ඒ සඳහා සුදුසුකම් සපුරා ඇති සාමණේරයන් වහන්සේලා සිය ආචාර්යයන් වහන්සේ මඟින් 2020.04.20 දිනට ප්‍රථම අයදුම්පත් නිසි ලෙස සම්පූර්ණ කොට මහා ලේඛකාධිකාරී නාහිමි, මහා කප්පින වලව්ව සීමාමාලක මූලස්ථාන විහාරය, වැලිතර, බලපිටිය යන ලිපිනයට එවිය යුතු අතර අයදුම්පත් ද එම ලිපිනයෙන් හෝ පළාත් නායක ස්වාමීන් වහන්සේලාගෙන් ලබාගත හැකි බව ද එම නිවේදනයෙහි දැක්වේ.