Print this Article


පොත් පුවත්

“චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ”

කර්තෘ – ගයාන් චානුක විදානපතිරණ

ප්‍රකාශකයෝ - දයාවංශ ජයකොඩි සහ සමාගම

අසු මහා ශ්‍රාවක ශ්‍රාවිකා චරිත කතා ග්‍රන්ථ රැසක් හා ධාතු විස්තරය නම් වූ ග්‍රන්ථය සම්පාදනය කළ ගයාන් චානුක විදානපතිරණ ලියු ‘චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ’ බෞද්ධ ග්‍රන්ථය මේ මස 10 වැනිදා කොළඹ මරදානේ, දයාවංශ ජයකොඩි සහ සමාගමේ නව පොත් ප්‍රදර්ශනයේ දී නිකුත් කෙරේ.

‘චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ ‘ ගෞතම බුදු සසුනේ මනෝමය කය මවන භික්ෂූන් අතුරින් ද, රූපාවචර ධ්‍යානයට සමවදින භික්ෂූන් අතුරින් ද අග්‍රස්ථානය ලැබ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර එකොළොස් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේ හැරුණු විට මේ බුදු සසුනේ මනෝමය කය මැවීමේ අති දක්ෂ වූයේ මහානුභාව සම්පන්න වූ චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ ය.