Print this Article


ලේල්වල සුමේධ නා හිමියන්ට සන්නස් පත්‍ර ප්‍රදානය 28 දා

ලේල්වල සුමේධ නා හිමියන්ට සන්නස් පත්‍ර ප්‍රදානය 28 දා

බද්දේගම පිලගොඩ ශ්‍රී පූර්වාරාමාධිපති, විශ්‍රාමික විදුහල්පති ශාස්ත්‍රපති ලේල්වල සුමේධ මා හිමිපාණන් වහන්සේට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ, අරියවංස සද්ධම්ම යුක්තික පාර්ශවය වෙතින් පිරිනමන ලද සිරිධම්මතිලක වංසාලංකාර සුගතපාල පදුමජෝති වංශද්වජ විනයකීර්ති ශ්‍රී විචිත්‍ර භාණක ගෞරවෝපාධිය සහිත ගාලු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවය අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශවයේ මහා නායක, පරියත්ති විශාරද, කම්මවාගාචාර්ය, ශාස්ත්‍රපති, පණ්ඩිත එගොඩමුල්ලේ අමරමෝලි තිස්සාභිධාන මහා නායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් මෙම මස 28 වන දින පෙරවරු 10.00 ට පිළගොඩ පූර්වාරාම විහාරස්ථානයේ දී සිදු කෙරේ.