Print this Article


පනාගොඩ නිමල ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුවේ නව නිලධාරිහු

පනාගොඩ නිමල ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුවේ නව නිලධාරිහු

පනාගොඩ බටහිර 482 ග්‍රාමනිලධාරී වසමට අයත් ප/බ රොමියෙල් මාවත ‘නිමල’ ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුවේ 2020 වර්ෂයේ සංවත්සරය නිමිත්තෙන් ජනවාරි මස 20 වැනි ඉරුදින ධර්ම දේශනාවක් පවත්වා ආරම්භ කරන ලදී. මීගොඩ ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති නාවලමුල්ල සම්මනාරාම විහාරාධිපති පණ්ඩිත මීගොඩ අතුලසිරි හිමියන් විසින් එදින ධර්ම දේශනාවක් පවත්වන ලදී. ආර්.ඒ. චන්ද්‍රදාස මහතාගේ මූලිකත්වයෙන් සියලුම මියගිය සාමාජික සාමාජිකාවන් සිහිපත් කරමින් ද, සුජීවත් ව සිටින සාමාජික පිරිසට ආශීර්වාද පැතීම ද සිදු කරන ලදී.

එදින එම සමිතියේ නිලවරණය ද පැවැත්විණි. ඒ සඳහා පත්වූ නිලධාරී මණ්ඩලය මෙසේ ය , සභාපති - ඒ.බී.යූ. අත්තනායක, උප සභාපති - පද්මා කෝරලගොඩ ලේකම් - බී. ඒ. සෝමවතී බාලසූරිය, උපලේකම් අයිරාංගනී ෆොන්සේකා, භාණ්ඩාගාරික - රත්නා පුණ්‍යදාස , ගණන් පරීක්ෂක - ගුණදාස විතාන , අනුශාසක - පියදාස විතාන, කාරක සභිකයන් - නිමල් පතිරගේ , අයිරින් වික්‍රමසිංහ, නන්දා දිසානායක, අනුලා එදිරිසිංහ, අමරා අභයවර්ධන, කේ.බී. කරුණාරත්න, ඩී.ඇම්. කරුණාරත්න, ස්වර්ණා දිසානායක, ලිලියන් සෝමලතා, ලක්ෂ්මි පෙරේරා, සී. මාතර, හේමා මදුරප්පෙරුම. යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ය.