Print this Article


ගම්පහ අමුණුගොඩ කුඩුමිරිස රජමහා විහාරයේ දොරකඩ අස්න 16 වන දා

ගම්පහ අමුණුගොඩ කුඩුමිරිස රජමහා විහාරයේ දොරකඩ අස්න 16 වන දා

අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරයේ 68 වෙනි වාර්ෂික මහා පින්කම පසුගිය ජනවාරි 01 වෙනිදා ආරම්භ කළ අතර තිස්පැය හතේ පිරිත් දේශනය පෙබරවාරි 13 වෙනිදා ආරම්භ කෙරිණි.

බුදුපියාණන් වහන්සේගේ පළමු ලංකාගමනය නිමිත්තෙන් දුරුතු පින්කම ලෙස එම පින්කම් මාලාව විහාරාධිපති සියනෑ කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක අමුණුගොඩ සෝමානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී පරකන්දෙනියේ ධීරානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන අතර, මෙම මස 16 වන දා දොරකඩ අස්න පවත්වනු ලබන්නේ ගම්පහ, කැප්පෙටිපොල මහ විදුහලේ ඉගෙනුම ලබන එච්.ඩී. සෙනිත් තත්මිර ශිෂ්‍යයා විසිනි. අනුශාසනාව පවත්වන්නේ කුරුණූෑගල ඇඹලව රහත්ගල් විහාරාධිපති කලංකුට්ටියේ අමරවංශ හිමියන් විසිනි.