Print this Article


කතරගම කිරි වෙහෙරේදී වාර්ෂික පින්කම් මාලාවක්

කතරගම කිරි වෙහෙරේදී වාර්ෂික පින්කම් මාලාවක්

රුහුණු මහා කතරගම කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත් වහන්සේ පළඳවන දිනය සිහිපත් කරමින් කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති ශාස්ත්‍රපති කොබවක ධම්මින්ද නා හිමියන්ගේ අනුශාසාන පරිදි, කැප්පෙටිපොල ශ්‍රී සතර මහා දේවාලය මඟින් වාර්ෂික ව පවත්වන මහා පින්කම් මාලාව 50 වෙනි වරටත් පෙබරවාරි මස 26-27 යන දෙදින කිරිවෙහෙර අබියස දී පැවැත්වේ.

පෙබරවාරි මස 26 දින සවස කතරගම කිරි වෙහෙර අබියස අෂ්ඨඵල මහා බෝධි පූජාව, මහා පහන් ආලෝක පූජාව, සර්ව රාත්‍රික පිරිත් ධර්ම දේශනාවක් ද 27 වන දින හීල්දානය, දවල්දානය සඟසතු කොට පිළිගැන්වීම. ඊශ්වර ශ්‍රී ස්කන්ධකුමාර ශ්‍රී ගණදෙවි, දැඩිමුන්ඩ , පත්තිනි යන දෙවිවරු උදෙසා මුළුතැන් පූජාවක් ද පැවැත්වෙති. අතර එම පින්කම් මාලාවේ නිර්මාතෘ වන අපවත්වී වදාළ හිමිපාණන් වහන්සේලාට පින් අනුමෝදනා කිරීම ද, මියගිය සියලු දෙනාට පින්දීම ද, ජීවත්ව සිටින අයට ආසිරි පැතීම ද ජනාධිපතිතුමාට, ලක් රජයට, ත්‍රිවිධ හමුදාවට සෙත් පැතීම ද එම පින්කමට ඇතුළත් වේ.