Print this Article


සදහම් අරණ

දඹුලු රජමහා විහාරය

දඹුලු විහාරයේ ආරම්භය ක්‍රි.පූ. 3 වන සියවස තෙක් දිවයයි. බුදු දහම ලංකාවට වැඩමවීමත් සමග ප්‍රථමයෙන් මෙය සංඝාවාසයක් ලෙස ප්‍රචලිත විය. ක්‍රි.පූ.1 වන සියවසේ රජකම් කළ වළගම්බා රජු ප්‍රථමයෙන් ම මෙහි බුද්ධ ප්‍රතිමාවක් පිහිට වූ බව කියැවේ. දඹුලු විහාරයේ ප්‍රධාන විහාර මන්දිර පහකි. ලෙන් විහාරවලින් පැරැණි ම වන්නේ පච්චිම විහාරයයි. පස් පිළිම විහාරය නමින් ද මෙය හඳුන්වයි. වළගම්බා රජු විසින් කරවන ලද බව පැවසේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සමයේ මහා අලුත් විහාරය ලෙන් විහාරයක් ලෙස නම් කෙරුණි.

දඹුලු සෙල්ලිපිවලට අනුව බුද්ධ ප්‍රතිමා 73 ක රන් ආලේප කිරීම 13 වන ශතවර්ෂයේ පොළොන්නරුවේ රජකම් කළ නිශ්ශංකමල්ල රජතුමා විසින් සිදුකරන ලදී. මහරජ විහාරයේ ගල් පැල්ලමකින් නිරන්තරයෙන් ම වෑහෙන ජල බිංදුව විශ්මිත ය. “දඹ” යනු ගලකුත් “උල්ල” යනු උල්පතකුත් ලෙස දඹයෙන් වෑහෙන උල්ල නිසා මේ ප්‍රදේශයට දඹුල්ල යන නම ව්‍යවහාර කරන බව ද සඳහන් ය.


මගෙ අම්මා

අපමණ වේදනා විඳිමින් මගෙ අම්මා
මට ලොව දකින්නට සැලසුවෙ මගෙ අම්මා
දෙතනේ එරුණ කිරි පෙව්වේ මගෙ අම්මා
නිවන් දකීවා මතු දින මගෙ අම්මා


යහපත් වැඩ පුරුදු වෙමු

උදෑසන අවදිවන
මුහුණට දිය දෙන
දෙගුරුන් නමදින
දරුවෙක් වෙන්න

උදයම පාසල් යන
ගුරු දෙවි දැක නැඟිටින
නැඟිට දෙපා නමදින
හොඳ දරුවෙක් වෙනු මැන


වෙසක් දිනේ

කිඹුල්වත්පුර ලුම්බිනියේ වෙසඟේ පුන් පොහොය දිනේ
සිදුහත් බෝසත් කුමරු ඉපදුණේ
නේරංජනා ගංතීරේ බුද්ධගයා බෝ සෙවණේ
මරු පරදා බුදුබව ලැබ ලෝ සත වෙත සෙත සැදුණේ

බරණැස ඉසිපතනේ මිගදායේ ඇසළ සඳේ
දම්සක් පැවතුම් සුතුරෙන් මංගල දම් හඬ ඇසුණේ
කුසිනාරා නුවරේ මල්ලව රජ උයන් බිමේ
වෙසඟේ බුදු පිරිනිවනේ තිලොවම කම්පා වූයේ


මිනිසත් බවේ අගය

මිනිසත් බව ලැබුම දුලබ ය සත්ව ලො වේ
මිනිසත් බවය සසරේ කුසලින් මතු වේ
මිනිසත් බවෙන් සසරේ ගැලවුම හිමි වේ
මිනිසත්බව ම නිවනට යානය සම වේ

කුරිරු මිසදිටු පවිටු පැතුමක් වී ළයේ
රට දැය සමය වනසන පවිටෙකු වූයේ
කිසිදා නිමාවක් නැත දුක් ගිනි නිරයේ
සුදනෝ සමගි සාමය සැනසුම පැතුයේ


අපේ පන්සල

මැද්දේගම සාගර හිමි

මූලික ශ්‍රේණිය

ශ්‍රී සම්බෝධි මහ විහාරය කුරුණෑගල

 

දහම් පාසල් යමු

අනූපමා නෙත්සරණි

06 වන ශ්‍රේණිය

සුවිශුද්ධාරාම දහම් පාසල වැල්ලවත්ත


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

 

625 ඇඳගල සෝරත හිමි - 06 වන ශ්‍රේණිය
වළවේ ශ්‍රී විද්‍යානන්ද දහම් පාසල, බලංගොඩ

626 එල්.ජී. චතුර ධම්මික - 08 වන ශ්‍රේණිය
සුසිලාරාම දහම් පාසල, බඹරවාන

627 පී.එම්. හිරුණි සෞභාග්‍යයා - 07 වන ශ්‍රේණිය
අඹගහවාඩිය - නාත්තන්ඩිය

628 දිනුක සත්සර ඇන්තනී - 06 වන ශ්‍රේණිය
වාරියපොළ ශ්‍රී සුමංගල විදුහල, මහනුවර

629 ඩී.පී. අනූපමා නෙත්සරණි -0 6 වන ශ්‍රේණිය
සුවිශුද්ධාරාම දහම් පාසල, වැල්ලවත්ත


පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ව ලියා අප වෙත එවන්න.

නැණවත්, ගුණවත් දරු පරපුරක් බිහි කිරීමට වෙර දරන 'මගේ පාසල' ගැන නිර්මාණාත්මක ව කෙටියෙන් ලියා අපවෙත එවන්න.

ජයග්‍රාහී දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් දහම් පඬුරක් පිරිනැමේ.