Print this Article


ශාසනයේ උන්නතියට භික්ෂුවගේ කාර්ය භාරය

ශාසනයේ උන්නතියට භික්ෂුවගේ කාර්ය භාරය

සිව්පසයෙහි යථාලාභ සන්තෝසයෙන් යුක්තවීම. (සන්තුට්ඨො හොති ඉතරීතරෙහි චීවරපිණ්ඩපාතසෙනාස නගිලානපච්චයභෙසජ්ජ පරික්ඛාරෙහි.)

රූපාවචර සමාපත්තිලාභී වීම. (චතුණ්ණං ඣානානං අභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.)

ඉද්ධිවිධ ඥානලාභී වීම. (අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති.)

දිව්‍යශ්‍රෝතඥානලාභී වීම. (දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසකාය උභොසද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ ච.

චේතෝපරියඥානලාභී වීම. (පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති.)

පූර්වේනිවාසානුස්මෘතිඥානලාභී වීම. (අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.)

දිව්‍යචක්‍ෂු (චුතූපපාත) ඥානලාභී වීම. (දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති.)

ම: නි: 3, ගොපකමොග්ගල්ලාන සූත්‍රය, 100 සිට 108 දක්වා පිටු. බු: ජ: මු: දිව්‍යචක්‍ෂු (චුතුපපාත) ඥානලාභී වීම. (දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති වවමානෙ උප්පජ්මානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති.)

ආසවක්‍ඛයඥානයෙන් සමන්විත වීම. (ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්‍වා උපසම්පජ්ජ විහරති.)

අද යුගයේ උපනිඞශ්‍රය කරගනු පිණිස දසපසාදනීය ධර්මයන්ගෙන් සමන්විත උතුමන් සොයා ගැනීම ගැටලුවකි. එහෙත් මෙහි මුල් අංග හතරවත් පිරිපුන් කළ අය කෙසේ වෙතත් ඒ පිළිබඳ උනන්‍දු වන අයවත් භික්‍ෂූන් අතර වේ නම් සසුනේ උන්නතියක් ගැන අපේක්‍ෂා තැබීමට අවකාශ උදාවනු ඇත. බුද්ධකාලයේ දී මත් ප්‍රථම සම්බෝධිසමය නිම වූයේ නොයෙක් අරමුණු මත පැවිදි වූවන්ගේ අනාකල්පසම්පත්තීන් ඇති වීම නිසා බව සූත්‍ර විනය මූලාශ්‍රවල අන්තර්ගත වී තිබේ. භික්‍ෂුසංඝයා අතරත ආසවට්ඨානීය ධර්ම පහළ වීමට බල පෑ සාධක වශයෙන් රත්තඤ්ඤූමහත්තතා, වෙපුල්ලමහත්තතා, ලාභග්ගමහත්තතා, බාහුසච්චමහත්තතා, යසග්ගමහත්තතා යන කරුණු හේතු වූ බව ධර්මවිනයෙහි සඳහන් වේ. මුල දී පැවිදි වූවන් විමුක්තියට අවශ්‍ය ඥානදර්ශනයෙන් පොහොසත් නිසා වෙසෙසින් ශික්‍ෂාපද අවැසි නො වුවත් සංඝයා තුළ ආසවට්ඨානීය ධර්ම පහළ වීම නිසා ඒවා දුරලනු පිණිස ශික්‍ෂාපද පැනවූහ. සිකපද පනවා නො තිබූ අවස්ථාවේ සිකපද පනවන්නැයි සැරියුත් හිමියන් කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේ වදාළේ, යම් අවස්ථාවක ආසවට්ඨානීය ධර්ම සංඝයා තුළ පහළ වන්නේ ද එවිට, ඒ ආසවට්ඨානීධර්ම උපුටාලනු පිණිස සිකපද පනවන බවත් පාමොක්දෙසන බවත් ය සසුනේ මනාපැවැත්මත් චිරපැවැත්මත් සම්බන්‍ධයෙන් බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කළේ කවර කරුණු පිළිබඳව ද යන්න මේ අනුව අපට වටහා ගත හැකි ය.

මෙම ලිපියේ ඉතිරි කොටස නවම් පුර පසළොස්වක (08) පත්‍රයේ පළවේ