Print this Article


අමා වැස්සෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීම 18 වන දා සේරුවිල දී

අමා වැස්සෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීම 18 වන දා සේරුවිල දී

සේරුවිල ගොවිජනපද ව්‍යාපාරයේ ගම්මානයන්හි අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා අභ්‍යාස පොත්, ඇතුළු පාසල් උපකරණ කට්ටලය බැගින් පරිත්‍යාග කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ජනවාරි 18 වෙනි දින ඓතිහාසික සේරුවිල මංගල මහා සෑය අභයස දී සිදු කෙරේ. මැදවච්චිය ඇටවීරගොල්ලෑව, මොරගොඩ මේධාලංකාර හිමියන්ගේ අමාවැස්ස සංවිධානය මඟින් සේරුවිල මංගල රාජමහා විහාරාධිපති නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මංගල ධර්මකීර්ති ශ්‍රී මුංහේනේ මෙත්තාරාම නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් එම ප්‍රජා සත්කාර වැඩසටහන කි‍්‍රයාත්මක වන අතර, ජනවාරි 18 වෙනි දින සවස 5 සිට මංගල මහා සෑ රදුන් වන්දනා කිරීමේ ආගමික වැඩසටහන් ගණනාවක් අමාවැස්ස සංවිධානය සිදු කිරීමට විධිවිධාන යොදා ඇත.