[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් කපිල විතානච්චි රණවිරුවා යුද්ධයට මුහුණ දී, ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට ඇපකැප විය. කුරිරු ත්‍රස්තවාදී යුද්ධයේ දී තුවාල ලබා පසුගිය වසර 12 ක් කාලය තුළ ඔහුගේ වකුගඩු යුගලය ක්‍රමයෙන් අකර්මණ්‍ය වී ගෙන යමින් පවතින බව කියයි. ඔහුට “ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය ව ඇති බව කියයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැත්තේ නම් 076 9627942 සහ 077 25 33 817 ජංගම දුරකථන අංකය අමතා මෙම උතුම් පුණ්‍යකර්මයට දායක වන්නැයි ඉල්ලීමක් කෙරේ. ඩී.එස්. සේනානායක 86 ආදි සිසු සොයුරු පිරිස.


එස්.ඒ.එන්.එම්.කේ. සේනාධීර යන අයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව, කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය රුචික ලැනරෝල් මහතා විසින් දන්වා ඇති බව කියයි. ඇයගේ රෝගී තත්ත්වය නිසා, මේ වන විට දැඩි ආර්ථික අපහසුතාවයකට පත්ව ඇති බැවින් ඇය වෙත ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනමන පරිත්‍යාගශීලියෙකු ඉදිරිපත් වන ලෙසත්, මහජන බැංකුව, කොල්ලුපිටිය ශාඛාවේ ආරම්භ කර පහත දක්වා ඇති ගිණුමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර ලබා දෙන්නැයි ඉල්ලීමක් කෙරේ. 070 5869824, 070 3398140 ගිණුමේ නම, එස්. ජයරත්න, ගිණුම් අංකය - 201200130022713 වේ.


හුණුමුල්ල, කැලැපිටිමුල්ල, සිහලාගාරවත්ත ලිපිනයේ පදිංචි නිශාන්ත අධිකාරි වසර 20 ක පටන් දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය රුචික ලැනරෝල් මහතාගේ නිර්දේශය අනුව ඉතා ඉක්මනින් “ඕ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍ය නියමය බව කියයි. ඒ සඳහා “ඕ පොසිටිව්” වකුගඩුවක් පරිත්‍යාග කරන මෙන් ද, වකුගඩු සැත්කම සඳහා අධික මුදලක් අවශ්‍ය වන අතර කිසිදු රැකියාවක් කරගැනීමට නොහැකි ඔහුට විශාල මුදලක් සොයා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් බවද කියයි. රෝගී තත්ත්වය දෙස සානුකම්පිත ව බලා කාරුණික දායකත්වය ලබා දෙන්නැයි ඉල්ලීමක් කෙරේ. සම්පත් බැංකුව ගිණුම් අංකය 118353861389 මහජන බැංකුව 10020022440344 (මරදගහමුල ශාඛාව) දුරකතන අංක 077 8472400 - 071 2520512 වේ


මීගමුවේ අංක 28, කෲස්පාර පදිංචි එච්.එම්. සුනිල් නමැති අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළයුතු බව ජයවර්ධනපුර රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමා නිර්දේශ කර ඇති බව කියයි. ඔහුට අවශ්‍යව ඇත්තේ “බී පොසිටිව්” හෝ “ඕ” කාණ්ඩයේ හෝ “බී” කාණ්ඩයේ වකුගඩුවකි. මෙම වර්ගයට ගැළපෙන වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් සිටී නම් මෙහි පහත සඳහන් කරන දුරකථන අංකයකට දන්වන මෙන් ඉල්ලීමක් කෙරේ.

071 2200971/ 071 5689523 / 0777 633600

දුරුතු
පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 10 වනදා සිකුරාදා පූර්වභාග 2.34 ට ලබයි. 11 වනදා සෙනසුරාදා පූර්ව භාග 00.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 10 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය ජනවාරි 17 වනදා සිකුරාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]