Print this Article


පාලි පාඩම : 29 - කොටස

29 - කොටස

ඡටඨි විභක්තිය - පළමු කොටස

ජටඨි විභක්තිය යනු සය වන විභක්තිය යි. සිංහල භාෂාවේ දී සම්බන්ධ විභක්තිය ලෙස මෙය හැඳින්වේ. කෙනෙකුගේ අයිතිය නොමැතිනම් සම්බන්ධය මෙම විභක්තියෙන් විස්තර වේ. මගේ අම්මා, අපේ පන්සල යනාදී වැකිවල දී අම්මා අයිති මටයි. පන්සල අයිති අපිටයි. මෙසේ සම්බන්ධය දැක්වීමට මෙම විභක්තිය උපකාරී වේ. මෙම විභක්ති පදය සාදා ගන්නා ආකාරය අපි පළමු ව විමසා බලමු.