Print this Article


ශ්‍රී සම්බෝධි 75 වන සමාජ සත්කාරක ගැමි පුනරුත්ථාපන වැඩ සටහන 18 දා

ශ්‍රී සම්බෝධි 75 වන සමාජ සත්කාරක ගැමි පුනරුත්ථාපන වැඩ සටහන 18 දා

කොළඹ 07 ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ 75 වන සමාජ සත්කාරක ගැමි පුනරුත්ථාපන වැඩ සටහන මෙම මස 18 වනදා ගලේවෙල යටිගල්පොත්ත කනිටු විදුහල් පරිශ්‍රයේ දී කොළඹ වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමයේ සම්බන්ධීකරණයෙන් පැවැත්වේ. සම්බෝධි මහා විහාරාධිපතිව වැඩ සිටි බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ දරණාගම කුසලධම්ම හිමි, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමි, සම්බෝධි විහාරාධිපති ව වැඩ විසූ පානදුරේ අරියධම්ම හිමි, සහ පියදස්සී නාහිමි යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා වත්මන් සම්බෝධි විහාරාධිපති බොරලන්දේ වජිරඤාණ හිමියන්ගේ අනුශාසනා පරිදි සමාජ සත්කාරක ගැමි පුනරුත්ථාපන වැඩ සටහන මෙම මස 18 වනදා පෙරවරු 11 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එම සමාජ සත්කාරක වැඩසටහනේදී වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමීම, සාමණේර භික්ෂූන් වහන්සේලා උදෙසා පොත්පත් ප්‍රදානය, පාසල් සිසු දරුවන් සඳහා පොත්පත් හා පාසල් උපකරණ පිරිනැමීම, ආබාධිත අය සඳහා කිහිලිකරු, රෝද පුටු, අත්වාරු ආදිය ද කෘෂි කාර්මික උපකරණ, ගුවන් විදුලි යන්ත්‍ර සහ ගැබිනි මව්වරුන් වෙත පෝෂණ මළු සහ අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම ද ඇතුළත් වේ.