[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කිරම විමලජෝති නාහිමියන්ගෙන් දහම් තුටු පඬුරු

කිරම විමලජෝති නාහිමියන්ගෙන් දහම් තුටු පඬුරු
 

දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ 05 සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස තිළිණ පිරිනමනු ලැබේ. එහිදී කිරම විමලජෝති නා හිමියන් වෙතින් දෙසැම්බර් 23 වන දින කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පන්නිපිටියේ ලයනල් දසනායක (වම) සහ මාලබේ කේ. ඩබ්ලිව්. සිරිසේන (දකුණ) මහත්වරුන්ට අදාළ තිළිණ සඳහා ධර්ම ග්‍රන්ථ පිරිනැමූ අවස්ථාව. ගොකරැල්ලේ ජිනවංශ හිමි (නබඩෑව - නිසලවිල භාවනා මධ්‍යස්ථානය), ඇටම්පොල ඤාණිස්සර හිමි (දැරණියගල - ශ්‍රී චිත්ත විවේකාරාමය), කේ. ඉමාෂා සෙව්වන්දි (මිද්දෙනිය), සිරි දන්තනාරායන ( හම්බන්තොට) යන ජයග්‍රාහකයන් සඳහා අදාළ ධර්ම ග්‍රන්ථ තැපැල් මඟින් යොමු කෙරෙනු ඇත.

ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ

දුරුතු පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 02 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.00 ට ලබයි. 03 වන දා සිකුරාදා අපර භාග 11.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වන දා සිකුරාදා 

මීළඟ පෝය ජනවාරි 10 වන දා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසළොස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]