[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී කවිය

උඳුවප් පෝය සඳ

බැල මෙහෙවරින් සිටි මුළු තැන් ගෙයට වැද
සැලකර ලැබී නිදහස් පින් කිරුළ විඳ
කුල කත බුද්ධ සාසනයේ පදවි ලද
මිල කළ නොහැකි දින උඳුවප් පෝය සඳ

සඟමිත් තෙරණි ගමනින් අප ලද ධනය
වැදගත් ශිල්ප සිරිලක පැතිරුණු වගය
පිදු සිත් සාර දම් ගුණයෙන් විය ඔපය
කවදත් දැහැමි දැය බුදු පහසට ගැතිය


දම්සක් පැවතුම් සුතුර

බාරාණසියේ ඉසිපතනේ
දම්සක් පැවතුම දෙසුව දිනේ
දෙව් බඹ සේනා එහි පිරුණේ
තුන් ලොව දහමින් එකලු වුණේ


සත්‍ය

හේතුව ඵලය මත ලොව හැමදේ පවතී
හේතුව නැති කරනු මැන ඵලය ද නවතී
හැම මොහොතකම හැම දේ වෙනසක යෙදෙතී
තම මනසින් දකිනු මැන බුදු දහම නිතී


චීවර පූජාව

රජගහනුවර බුදු හිමි වැඩ වෙසෙන සඳ
මහ සඟරුවන වැඩි කල පන්සලෙ නො ඉඳ
ඈත සැරි සරනු දන් පැන් පිඬු ලබන ලෙද
සික පද දෙසුවෙ වස් වසනා විලස සොඳ

එ දවස පටන් ගරුතර මහ සඟ රත්නේ
වස් විසු සේක සිවු කමටන් රකිමින්නේ
පිළිවෙත් පුරා බුදු සසුනෙහි මිනිසුන්නේ
මග පල ලබන්නට මඟ පහදා දුන්නේ


ජය ශ්‍රී මහා බෝධිය

දඹදිව් තලයේ ජය මහ බෝධී
දක්ෂිණ ශාඛා ගෙන වැඩි බෝධී
සඟමිත් තෙරණිය හිස රැඳි බෝධී
උඳුවප් පෝ දින වැඩමෙව් බෝධී


නිවන පතා

පුර අටවක අද
රැක අටසිල් පද
පහදාගෙන සිත
පතමු නිවන් සැප


පින් ඇති රටක්

පන්දහසක් වරුෂ බුදු දම් රකිනු බලා
පින් ඇති රටක් කරන්ට හිමි දෙනෙත් හෙළා
රන්වන් සිරුර සවනක් රැස් දසත ගලා
තුන් වාරයක් බුදු හිමි ලක වැඩම කළා

හතළිස් පස් වසක් දෙසු දම් කඳ බුද්ධ
අත් පත් කළා අප වෙත හිමි අනු බුද්ධ
පත පොත ඇසුර ලබමින් බුදු ගුණ සද්ද
නෙත තුළ දකිමි බුදු හිමි ගුණසෙත් යැද්ද


චූඩා මාණික්‍ය

තරු කැළ මැදින් හඳ පායා තිබෙන විට
චූඩා මාණික්‍ය දිදුලනවා සතර අත
දෙනෝ දහක් දෙන ඇවිදින් වඳින විට
සාධුකාර දෙති දෙවිවරු අහසෙ සිට

නැළියක් ධාතු ඇත රන්මැලි සෑ මුදුණේ
නාග ලොවින් ලක තුළ වැඩමෙව් තුටිනේ
බුදුන් වැඩිය මේ පින්බිම වෙත ගොසිනේ
දෙදණ නමා නමදිනු මැන තුටු සිතිනේ


වසරක් ගෙවී...

නව වසරේ සුබ ඵල නෙළා ගනිමු
පසුගිය වසරේ කළ අකුසල් අඩුපාඩු
අපෙ ජීවිතේ තිබෙනව නම් කනගාටු
නොවී අප්‍රමාදි ව නිවැරැදි කරමු

කුසල් දහම් නව වසරේ වැඩි කරමු
අවිද්‍යාව දුරුකර නිති ලොව දකිමු
අප්‍රමාද වී කුසලට සිත යොදමු
ලැබූ මිනිස්කමෙ උපරිම ඵල ලබමු
ලැබූ නව වසරෙ සුබ ඵල නෙළා ගමු


සිත

සිතම අල්ලන්
ගහන කරණම්
කස්තිරම්
මම කියල
මගෙ කියල
ලෝකයා
නටන හැටි
නාඩගම්


දුරුතු පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 02 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.00 ට ලබයි. 03 වන දා සිකුරාදා අපර භාග 11.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වන දා සිකුරාදා 

මීළඟ පෝය ජනවාරි 10 වන දා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසළොස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]