Print this Article


පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ 79 වන සංවත්සරය පෝදා

පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ 79 වන සංවත්සරය පෝදා

පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ 79 වන සංවත්සරයට සමගාමී ව දුරුතු පුර පසළොස්වක පොහෝදා පින්කමක් සිදු කෙරේ.

පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ පැවිදි අනුශාසක තුම්බෝවිල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරාධිපති පෙතිගමුවේ රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි එම තරුණ බෞද්ධ සමිතියේ මෙහෙයවීමෙන් තුම්බෝවිල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයෙහි පොහෝ දා පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවන් වෙත හීල් දානය, දවල් දානය හා ගිලන් පස ද පිරිනැමීම සිදු කෙරේ.

සිරිත් පරිදි එම තරුණ බෞද්ධ සමිතිය පවත්වාගෙන යනු ලබන මාසික ධර්ම දේශනය එදින සවස 5.00 සිට 6.00 දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාම්පේ විජයවර්ධනාරාමාධිපති ආචාර්ය කුඹුකේ චන්දාලෝක හිමියන් විසින් එම තරුණ බෞද්ධ සමිති ශාලාවේ දී පවත්වන බව එම තරුණ බෞද්ධ සමිතියේ සභාපති ජිනේන්ද්‍රදාස ද කොස්තා මහතා කියයි.