Print this Article


නාච්චදූව දහම්පාසල් ප්‍රාදේශීය සිසු නිපුණතා තරගාවලියේ ත්‍යාග සහ සහතික පත් බෙදාදීම

නාච්චදූව දහම්පාසල් ප්‍රාදේශීය සිසු නිපුණතා තරගාවලියේ ත්‍යාග සහ සහතික පත් බෙදාදීම

නාච්චදූව දහම්පාසල් ප්‍රාදේශීය සිසු නිපුණතා තරගාවලියේ ත්‍යාග සහ සහතික පත් බෙදාදීම රත්මලේ ශ්‍රී නාග විහාර රජ මහා විහාරස්ථ ධර්ම විද්‍යාලයේ දී පසුගියදා (15) පැවැත්විණි. ක්‍රිස්තු වර්ෂ පළමු වන සියවසේ දී මහා දාඨික මහා නාග රජතුමා විසින් කරවන ලද මහ රත්මලේ ගිරි ලිපිය සඳහන් ශ්‍රී නාග රජ මහා විහාරස්ථානයේ වර්තමාන විහාරධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නා හිමිපාණන් වහන්සේ වෙති.

වෙහෙර බැන්දකුටිය රජ මහා විහාරාධිපති නාච්චදූව ශාසනාරක්ෂක බළ මණ්ඩලයේ සභාපති වැලිසර ජිනවංශතිස්ස නා හිමි, ඉඹුල්මල්ගම පේමානන්ද හිමි, ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි නාහිමිපාණන්,රත්මලේ ශ්‍රී නාග විහාර යේ නුගගොල්ලේ රතනසිරි හිමි, ඇතුළු මහා සංඝරත්නය සමඟ අනුරාධපුර අතිරේක දිසාපති රුවන් නවරත්න, නාච්චදූව ප්‍රාදේශීය ලේකම් කේ.පී. චාමින්ද, සම්පත් බැංකුවේ විශ්‍රාමික සාමාන්‍යාධිකාරි අශෝක මැණික්ගොඩ, නාච්චදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරි ධම්මික මුණසිංහ, බෞද්ධ කටයුතු සමායෝජක මනෝරි රාජපක්ෂ යන මහත්ම මහත්මීහු සමඟ දෙමාපියන් ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ.